gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ කාලේ දේශපාලකයො දෙන පොරොන්දු හැම එකම ඉටු කරන්නෙ නෑ… මේ ආණ්ඩුවත් එහෙමයි… මල්වතු අනු නා හිමියෝ කියති…

මැතිවරණ කාලයේදී දේශපාලනඥයින් කරන්න බැරි දේවල් පවා පොරොන්දු ලෙස ලබාදෙන බවත් මේවා තේරුම් ගෙන ජනතාව වැඩකළ යුතුව තිබෙන බවත් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.

සිරිමාවෝ මැතිණිය හඳෙන් හාල් ගෙනවිත් දෙන බවටත් ජේ.ආර් ජයවර්ධන මහතා ඇට අටක් දෙන බවටත් මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු වලට සිදුවූ දේ සිහි කිරීමෙන් මෙම තත්ත්වය තේරුම් ගැනීමට හැකි බවත් උන්වහන්සේ කීහ.

අනුනාහිමියන් එසේ පැවසුවේ අපිත් රණවිරුවෝ සංවිධානයේ නියෝජිත පිරිසක් අද (14) පෙරවරුවේ මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.

අපිත් රණවිරුවෝ සංවිධානයේ සාභාපති අනුර සෙනරත්ගොඩ, ලේකම් කුමාර විජේසිංහ ඇතුළු කණ්ඩායමක් මෙහිදී අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ වසර 12 ක සේවා කාලයක් සඳහා ත්‍රිවිධ හමුදාවට බඳවා ගනු ලැබීමෙන් පසු මේවන විට ඉවත්ව සිටින පිරිස මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවධානය යොමුකර දෙන ලෙසයි.

විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීම, රණවිරු හැඳුනුම්පතක් ලබාදීම, හමුදා රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සැලසීම සහ මරණයේදී හමුදා ගෞරවය පිරිනැමීම යන ඉල්ලීම් ඇතුළත් ලිපියක් ද මෙහිදී ඔවුන් අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පිළිගැන්වූහ.

වත්මන් ජනපතිවරයා අදිටන අවසන් ජන රැලියේදී හමුදා සේවයේ වසර 12 ක සේවා කාලය සම්පූර්ණ කර ඉවත්වූ අය වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරන බවට පොරොන්දුවක් දුන් බවත් එය ඉටු කරන තෙක් තම සංගමයේ සාමාජිකයින් බලා සිටින බවත් අපිත් රණවිරුවෝ සංවිධානයේ ලේකම් කුමාර විජේසිංහ  කීවේය.

මෙහිදී අදහස් දැක්වූ දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන් මැතිවරණ සමයේදී අපේක්ෂකයින් නොයෙක් පොරොන්දු දෙන නමුත් ජයග්‍රහණයෙන් පසු ඒවා ක්‍රියාත්මක නොකරන බවත් කියන හැමදේම නොකරන බව තේරුම් ගැනීම වැදගත් බවත් ප්‍රකාශ කළහ

මෙ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීරුන්ගේ විශ්‍රාම වැටුප පවා අහෝසි කරන්නට ආණ්ඩුව කටයුතු කරත්දී අලුතින් තවත් පිරිසකට විශ්‍රාම වැටුප් දේවියැයි සිතන්නට බැරි බවද මෙහිදී අනුනාහිමියෝ පැවසූහ.

රට වෙනුවෙන් මෙම පිරිස කළ සේවය සම්බන්ධයෙන් යම් ඇගයීමක් කළ යුතුව තිබෙන බවත් අදාළ ගැටලු ජනපතිවරයාට හෝ මැතිඇමැතිවරුන් වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ කීහ.

රණවිරු සංවිධාන ගණනාවක් බිහිව තිබුණත් ඒ කිසිවකින් වසර 12 ක ත්‍රිවිධ හමුදා සේවා කාලයක් නිමාකර ඉවත්වූ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා නොකළ බවත් මෙහිදී අදහස් දැක්වූ අපිත් රණවිරුවෝ සංවිධානයේ ලේකම් කුමාර විජේසිංහ  ප්‍රකාශ කළේය.

අස්වීමේ සහතිකයක් හැර තම සංගමයේ සාමාජිකයින්ට නිල හැඳුනුම්පත් නොමැති බවත් විශ්‍රාම වැටුප් ප්‍රශ්නය හැර සෙසු ඉල්ලීම් තුන ත්‍රිවිධ හමුදාපතිවරුන්ට පැය 24 ක් තුළ ඉටු කිරීමට හැකි බවත් කී ඒ හෙතෙම වසර 12 ක සේවා කාලයක් සඳහා ගිවිසුම් ගතව ත්‍රිවිධ හමුදා සේවයට එක් වුණත් රටේ අවශ්‍යතාව වෙනුවෙන් සේනාධිනායකයාගේ නිර්දේශය මත ඇතැම් අය වසර 15 කට ආසන්න සේවා කාලයක් සපුරා තිබෙන්නේ යැයිද අවධාරණය කළේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka