gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති වසන්තට දැඩි විරෝධය..

දිවයිනේ ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථාන පහක් නව සමාගම් පාලනයකට නතු කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් සහ විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.  දඹුල්ලේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී වෙළෙඳ ප්‍රජාව සිය විරෝධය සෘජුවම අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කළහ.

දැනට කළමනාකාර භාරයක් යටතේ ක්‍රියාත්මක වන දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ සහ නාරාහෙන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන, අධ්‍යක්ෂවරුන් හත්දෙනකුගෙන් සමන්විත නව සමාගමක පාලනයට පැවරීමට රජය තීරණය කර ඇත. 

ලබන මාසයේ සිට එම මධ්‍යස්ථානවල බදු මුදල් සහ පරිපාලන කටයුතු මෙම සමාගම යටතට පත්වන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 

පාරිභෝගිකයාට සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම මෙහි අරමුණ බවත්, ඒ හරහා ගොවීන්ගේ හෝ ව්‍යාපාරිකයන්ගේ අයිතීන්ට හානියක් නොවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

වසර 30කට අධික කාලයක් ස්වාධීනව පවත්වාගෙන ආ මෙම ව්‍යාපාරික ස්ථාන, පූර්ව දැනුම්දීමකින් තොරව නව පාලනාධිකාරියකට පැවරීමට උත්සාහ කිරීම පිළිබඳව ව්‍යාපාරිකයෝ අමාත්‍යවරයාට චෝදනා කළහ. 

රජයෙන් මුදල් ලබා නොගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සංවර්ධනය කර, දැනටමත් රුපියල් කෝටි 25ක ඉතිරියක් කළමනාකාර භාරය සතු කරගෙන තිබීම.

ව්‍යාපාරිකයන් විසින්ම ගොවීන්ට අවශ්‍ය බීජ සහ පොලී රහිත ණය ලබා දෙමින් පවත්වාගෙන යන පද්ධතියක් පවරා ගැනීමට උත්සාහ කිරීම, මින් පෙර කැබිනට් අනුමැතිය ලබාගත් සමාගම් නාමය වෙනස් කර නව සමාගමක් පිහිටුවීම හරහා අමාත්‍යවරයා සූක්ෂම ලෙස කටයුතු කරන බවට චෝදනා එල්ල විය. ඒ සඳහා කැබිනට් අනුමැතියක් නොමැති බවද වෙළෙන්දෝ පෙන්වා දුන්හ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ සමයේදී පොරොන්දු වූ වසර 30ක බදු සහනය පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිහඬතාවක් අනුගමනය කළේය.

සමාගම් නාමය වෙනස් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, අදාළ නාම වෙනස සඳහා ඉදිරියේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි. 

දෙපාර්ශ්වය අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව සහ එල්ල වූ දැඩි විරෝධය හමුවේ, නව සමාගම සහ වෙළෙඳ ප්‍රජාව අතර ඇති කරගත යුතු එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීමට ඉදිරියේදී දිනයක් ලබා දෙන බව අමාත්‍යවරයා අවසානයේ ප්‍රකාශ කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka