gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අම්බුළුවාවේ ගල් කපලා උඩින් තියලා… රටට මහා විනාශයක් වුණා…! – මාලිමා මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ.

දිට්වා කුණාටුව අවස්ථාවේ අම්බුළුවාවේ ඉදිකිරීම් නිසා රටට විශාල විනාශයක් සිදුවූ බවත් ඒවා ප්‍රතිසංස්කරණයට විශාල ධනයක් වියදම් කිරීමට සිදුව ඇති බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ තුෂාරි ජයසිංහ පවසයි.

“ගම්පොළ නාවලපිටිය ප්‍රදේශයේ ඉතාම දුෂ්කර ප්‍රදේශ ගණනාවක්, ඒ වගේම මහනුවර කුරුඳුවත්ත පාර සිංහපිටිය ප්‍රදේශයෙන් විශාල ගල් ඇවිල්ලා අම්බුළුවාව උඩ තිබුණු ජලාශ කඩාගෙන ඇවිල්ලා විශාල ගල් කුට්ටි ස්වාභාවික ගල් කුට්ටි නෙමෙයි, හරි හතරැස්වට කපලා තියෙන ගල් කවුරු හරි ගිහින් තියලා මිසක් කන්ද උඩ තිබුණු ඒවා නෙමෙයි කියලා ඇහින් දකින ඕන කෙනෙකුට පේනවා.අපි මේ කතා කරන්නේ ගම් ගාණේ පයින් ඇවිදලා හොයලා බලලා. ඒවා කඩාගෙන ඇවිත් නිවාසවලට හානි වුණා. මහාමාර්ග කඩාගෙන ගියා. ලොකු මුදලක් වියදම් කරලා ප්‍රතිසංස්කරණය කරන තරමට රටට බරක් වුණේ එක එක පවුල් තමන්ට භාරගෙන කරගෙන යන ව්‍යාපාරවලට ඔබ තමුන්නාන්සේලා දුන් සහයෝගය නිසායි.”

අද (06) පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka