ආණ්ඩුව පාතාලේ එක්ක සාම ගිවිසුමකද… අධිකරණ ඇමති ගෙදර යනු…! – නීතිඥ චානක අබේවික්‍රම….
පාතාලය සමග ගැටුමකට නොයන බව ප්‍රකාශ කළ අධිකරණ ඇමතිවරයා, ඇමති ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්විය යුතු බව නීතිඥ චානක අබේවික්‍රම පවසයි.
ඔහු ප්‍රශ්න කරන්නේ රටේ සුවිශාල ගැටළුවක් නිර්මාණය වී පොලිසිය පාතාලය මර්දනය සඳහා නිදි නැතිව රාජකාරී කරන පසුබිමක මෙවැනි ප්‍රකාශයක් කළේ ආණ්ඩුව පාතාලය සමග සාම ගිවිසුමක් අත්සන් කොට තිබේදැයි ඔහු ප්‍රශ්න කරයි.
මේ වන විට තිස් අවුරුදු යුද සමයේ ලංකා ආණ්ඩුව සහ කොටි සංවිධානය අතර නිර්මාණය වී තිබූ ආකාරයේ එකඟතාවක් ආණ්ඩුව සහ පාතාලය අතර නිර්මාණය වී ඇතිදැයි චානක අබේවික්‍රම වැඩි දුරටත් විමසයි.
මේ වන විට ක්‍රියාත්මක වන්නේ “උඹලා උඹලැයි වැඩේ කරගෙන පලයල්ලා, අපි අපේ වැඩේ කරන්නම්” යන එකඟතාවද ඔහු වැඩි දුරටත් විමසා සිටියි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.
-emanisa
ආණ්ඩුව පාතාලේ එක්ක සාම ගිවිසුමකද… අධිකරණ ඇමති ගෙදර යනු…! – නීතිඥ චානක අබේවික්‍රම….
2026-02-21T15:25:00+05:30
Gossip Lanka Hot News






