gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අමරකීර්ති ඝාතකයන්ට දුන් දඬුවම ඓතිහාසිකයි… මන්ත්‍රී නිවාස ගිනිතැබූ මදාවින්ටත් ඒ දඬුවම දිය යුතුයි…!

ගාලු මුවදොර අරගලයට පහර දීමත් සමග පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ සහ එම පක්ෂයේ හිතවතුන්ගේ නිවාස සහ දේපොළ වෙත ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළ බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ඒ සඳහා බොහෝ ස්ථානවල නායකත්වය දුන්නේ වර්තමාන ආණ්ඩුව කරවන ජවිපෙ පිරිස් බවද අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රීවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ පිරිසට ලබාදුන් නඩු තීන්දුව ඓතිහාසික බවද ඔහු පෙන්වාදෙයි.

මෙම තීන්දුව මගින් ඇතැමුන්ට ලබාදුන් දඬුවම් ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරමින් නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට යන බව පැවසීම පිළිබඳ තමන් වඩාත් සතුටු වන බවද හිටපු ඇමතිවරයා සඳහන් කරයි.

මෙම නඩු තීන්දුව මගින් අධිකරණයේ ස්වාධීනත්වය සහ උත්තරීතර බව තහවුරු වන අතර කිිවෙකුට මැරකම් සිදුකර නිදහසේ සිටිය නොහැක යන පණිවිඩය ලබා දීම අගය කරන බවද එස්.බී. දිසානායක ප්‍රකාශ කරයි.

සිය නිවාස ගිනි තැබීමට පැමිණි පිරිස ආ වේගයට වඩා වේගයෙන් පළාගියද සෙසු මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනිතැබූ මදාවි කල්ලිවලටද අප්‍රමාදව දඬුවම් කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka