gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෞද්ධයා රකින සඟ සමුළුව 20දා බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිට

සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට, බෞද්ධයන්ට, රටේ සංස්කෘතිය හා සභ්‍යත්වයට එරෙහිව ගොඩ නැගීගෙන එන තර්ජන, ගර්ජන, පරාජය කිරීම් සඳහා මෙම මස 20 වැනිදා කොළඹ 07, බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිටදී මහා සඟ සමුළුවක් පවත්වන බව මව්බිම සුරැකීමේ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඊයේ (12) උන්වහන්සේ මේ බව සඳහන් කළහ. 

තිනියාවල පාලිත හිමි, බෞද්ධ මහා සම්මේලනයේ සභාපති හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ සහ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර යන අයද මෙම පුවත්පත් සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙම මහා සංඝ සම්මේලනය කිසිම දේශපාලනඥයකු පිම්බීමට හෝ දේශපාලනික වශයෙන් පවත්වන සම්මේලනයක් නොවන බවත්, ජාතිය, ආගම, සංස්කෘතිය සහ බෞද්ධ භික්ෂුවට එල්ල වී තිබෙන තර්ජනයට එරෙහිව සංවිධානය කරන්නක් බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ යුතු බවත්, එවන් ඕනෑම දේශපාලකයෙක්ට මහා සංඝරත්නයේ සහාය ලැබෙන බවත් කී උන්වහන්සේ, අනුර, වෙනත් ඇමැතිවරු, විපක්ෂ නායක සජිත්, නාමල් හෝ වෙනත් ඕනෑම දේශපාලන නායකයකුට දේශපාලනඥයන්ට, සිවිල් පුරවැසියන්ට මෙම සඟ සමුළුවට එක්විය හැකි බවද සඳහන් කළහ. 

1956 වසරේ සිට බණ්ඩාරනායක යුගයේ සිටම මහා සංඝරත්නයේ ආශිර්වාද, අනුශාසනාවලට රටේ පාලකයන් කන් දුන් බවත්, එහෙත් මේ වනවිට ඇතැම් මැති ඇමැතිවරු, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, ඇතැම් චීවරධාරීන් සම්බුද්ධ ශාසනයටත්, බෞද්ධ භික්ෂුවටත් එරෙහිව විවිධ තර්ජන ගර්ජන එල්ල කරමින් සිටීම නිසා ඊට එරෙහිව මෙම සංඝ සම්මේලනය පවත්වන බවද උන්වහන්සේ සඳහන් කළහ.

තවද මහනායක හිමිවරුන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයන්ටද මෙම සංඝ සම්මේලනයට ආරාධනා කර ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

පන්සිල් රකින, දසරාජ ධර්මයට අනුව රට පාලනය කරන නායකයන් සමග ඉදිරියේදී කටයුතු කරන බවත්, මෙම සංඝ සම්මේලනය පැවැත්වීම ඇතැමුන් ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීමක් ලෙස විවිධ සමාජ මාධ්‍ය හරහා උළුප්පා දැක්වීමට උත්සාහ ගන්නා බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ තිනියාවල පාලිත හිමියෝ කියා සිටියේ නිකායන් තුනේ මහනායක හිමිවරු තිස්දෙනාටත්, අනුනායකවරු හැට හතර නමටත්, ලේකම්වරු තිස් දෙදෙනාටත් මහා සංඝ සම්මේලනයට එක්වන ලෙස ආරාධනා කර ඇති බවයි. 

තවද මෙම මහා සංඝ සම්මේලනයට සහභාගි වන භික්ෂූන් සංඛ්‍යාව කොපමණද යන්න කිව නොහැකි බවද උන්වහන්සේ කීහ.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka