gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇවන්ගාඩ් සමාගම නාවික හමුදාවට රු.කෝටි 78ක පොල්ලක් තියලා

ඇව­න්ගාඩ් මැරි­ට­යින් පෞද්ග­ලික සමා­ගම 2014 – 2015 කාලයේ දී නාවික හමු­දා­වට ගෙවී­මට තිබූ රුපි­යල් කෝටි 78කට වැඩි මුද­ලක් ගෙවීම පැහැරහැර ඇතැයි ආර­ක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රා­මික මේජර් ජෙන­රාල් අරුණ ජය­සේ­කර පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළේය.

රක්නා ලංකා සහ ඇව­න්ගාඩ් ඒකා­බද්ධ ව්‍යාපෘ­තිය 2021-2025 කාල­යේදී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 14.12ක ආදා­ය­මක් උප­යා­ගෙන ඇතත් මේ මුදල ගෙවීම පැහැරහැර ඇතැයි ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා කීවේය.

ආර­ක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජය­සේ­කර මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේන්තු මන්ත්‍රී විශ්‍රා­මික මේජර් ජන­රාල් ජී.ඩී. සූරි­ය­බ­ණ්ඩාර මතු­ක­රන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අරුණ ජය­සේ­කර සඳ­හන් කළේ වත්මන් රජය බල­යට පත්වී­මෙන් පසුව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යකගේ නිර්දේශ මත සමු­ද්‍රීය ආර­ක්ෂණ කට­යුතු නැවත නාවික හමු­දාව වෙත පැව­රී­මට පිය­වර ගත් බවයි.

ඒ අනුව 2025 අගෝස්තු මස 10 වැනිදා සිට මෙම මස 10 වැනිදා වන­විට නාවික හමු­දාව එම ආර­ක්ෂක කට­යු­තු­ව­ලින් අමෙ­රි­කානු ඩොලර් පන්ලක්ෂ අනූ­අ­ට­ද­හස් දෙසිය පන­හක මුද­ලක් රජයේ ඒකා­බද්ධ අර­මු­ද­ලට ලබා දී තිබේ.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා මෙසේ ද පැව­සීය.

“රජය විසින් සමු­ද්‍රීය ආර­ක්ෂණ කට­යුතු ආරම්භ කර තිබෙන්නේ 2009 වස­රේදී. ඒ සඳහා වග­කීම නාවික හමු­දාව වෙත පැවරී තිබුණා. ආර­ක්ෂාව සැප­යීමේ වග­කීම වෙනස් වුණේ 2012 ඔක්තෝ­බර් 15 දිනයි. ඇව­න්ගාඩ් මැරි­ට­යිම් සර්විස් සමා­ගම හා රක්නා ලංකා ආය­ත­නය අතර ඒකා­බද්ධ ව්‍යාපෘ­ති­යට පවරා තිබෙ­නවා. නැවත එම වග­කීම 2015දී නාවික හමු­දාව වෙත පවරා තිබෙ­නවා. 2012 සැප්තැ­ම්බර් 15 වැනිදා සිට නැවත ඇව­න්ගාඩ් වෙත පවරා තිබෙ­නවා.

පසු­ගිය වස­රේදී අපි බල­යට පත්වූ පසුව ජනා­ධි­ප­ති­ව­ර­යාගේ උප­දෙස් පරිදි එම සේවා­වන් සැප­යීමේ වග­කීම 2025-08-10 සිට අති­වි­ශේෂ ගැසට් පත්‍ර­යක් මඟින් ශ්‍රී ලංකා නාවික හමු­දාව වෙත සැප­යී­මට අනු­මැ­තිය ලබා දී තිබෙ­නවා. රක්නා ලංකා හා ඇව­න්ගාඩ් මැරි­ට­යිම් අතර මෙම සේවා­වන් වෙන වෙනම සිදු­කර තිබෙ­නවා. අමාත්‍ය මණ්ඩල පත්‍රි­කා­වක් මඟින් එම ඒකා­බද්ධ ව්‍යාපෘ­තිය රාජ්‍ය – පෞද්ග­ලික හවු­ල්කා­රිත්ව ව්‍යෘපෘ­ති­යක් ලෙස ක්‍රියා­ත්මක කර තිබෙ­නවා.

2025-08-10 සිට නැවත අතිවිශේෂ ගැසට් පත්‍ර­යක් මඟින් නාවික හමු­දා­වට මෙම සේවා­වන් සැප­යීමේ වග­කීම ලබා දී තිබෙ­නවා. ලැබූ ආදා­යම් වෙන්වෙන් වශ­යෙන් ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය සතුව නැහැ. අදාළ පෞද්ග­ලික සමා­ගම විසින් තමයි සියලු ආදා­යම් ලබා තිබෙන්නේ. ඉන්ප­සුව 2021 සැප්තැ­ම්බර් සිට 2022 වසර දක්වා ඇති උපයා ඇති ආදා­යම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 14.12ක් නාවික හමු­දා­වට මෙම සේවය අපි ලබා­දු­න්නට පසුව 2025 ඔක්තෝ­බර් 03 වැනිදා සිට පසු­ගිය පෙබ­ර­වාරි 08 දක්වා ස්වාධී­නව සිදු­කළ මෙහෙ­යුම් වෙනු­වෙන් ඇ‍ෙම­රි­කානු ඩොලර් පන්ලක්ෂ අනූ­අ­ට­ද­හස් දෙසිය පන­හක මුද­ලක් රජයේ ඒකා­බද්ධ අර­මු­ද­ලට ලබා දී තිබෙ­නවා. හවුල් සමා­ගම් ලෙස ඒ ඒ සමා­ගම් වෙත ලාභ ලබා තිබෙ­නවා. ඇව­න්ගාඩ් මැරි­ට­යිම් හා රක්නා ලංකා සමා­ගම් සේවා­වන් වෙනු­වෙන් මුළු ආදා­ය­මෙන් සිය­යට පහ­ළො­වයි නාවික හමු­දා­වට ගෙවා තිබෙන්නේ. ශ්‍රී ලංකා රුපි­යල් වශ­යෙන් ගෙවා තිබෙන්නේ. ඉති­රි­වන මුද­ලින් සිය­යට හත­රයි ගණ­නක් තමයි රක්නා ලංකා සමා­ග­මට ලබා දී තිබෙන්නේ.”
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka