gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා ඡන්ද පදනම 20% දක්වා බැහැලා.. අනුරාධපුරයේදී 15%යි..- මාලිමා සමීක්‍ෂණයකින්ම හෙලිවෙලා..

පසුගිය ජනාධිපතිවරණයේදී සියයට හතළිස් තුනක්ව පැවති රජයේ ඡන්ද ප්‍රතිශතය, අද වන විට සියයට විස්ස දක්වා අඩු වී ඇති බව ආණ්ඩුවේම පාර්ශ්ව විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
‘සර්වජන බලය’ පක්ෂයේ ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද පැවසීය.

"ආණ්ඩුවේ පාර්ශ්වයන් විසින්ම සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවලට අනුව, ජනාධිපතිවරණයේදී ඔවුන් ලබාගත් 43% ක ඡන්ද පදනම මේ වන විට 20% දක්වා පහත වැටී තිබෙනවා. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පමණක් සිදු කළ සමීක්ෂණ දත්ත අනුව පෙනී යන්නේ, වර්තමාන ආණ්ඩු පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 15% දක්වා තවදුරටත් පහළ බැස ඇති බවයි."

මෙම ජන හමුව සඳහා ‘සර්වජන බලය’ පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ පාක්ෂිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka