gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කස්සප භික්ෂුව බලන්න විමල් අපිලගේ සාදුත් එක්ක ත්‍රිකුණාමලේ යයි

ත්‍රිකුණාමලය සම්බුද්ධාලෝක විහාරස්ථාන භූමියේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව පැවති නඩු විභාගයේදී රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු පිරිසගේ සුවදුක් විමසීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා බත්තරමුල්ලේ සීලරතන භික්ෂුව ඇතුළු පිරිසක් ඊයේ (16දා) ත්‍රිකුණාමලය බන්ධනාගාරය වෙත ගොස් ඇත.

පිරිසගේ සුවදුක් විමසීමෙන් පසුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි විමල් වීරවංශ පැවසුවේ බන්ධනාගාරය තුළ බලංගොඩ කස්සප භික්ෂුව ආරම්භ කර තිබුණු උපවාසය ඉදිරි නඩු විභාගයේදී එළැඹෙන තීරණය තෙක් තාවකාලිකව නැවැත්වූ බව දැනුම්දුන් බවයි.

මෙවැනි සංවේදී සිදුවීම්වලදී රජය කටයුතු කරන්නේ අපරිණතභාවයකින් බවත්, ඒ හේතුවෙන් මෙවැනි අර්බුද නිර්මාණය වන බවත් ඔහු කීවේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka