විජේවීරයි ප්‍රභාකරනුයි ඉපදුනේ නැත්නම් ලංකාව අද සිංගප්පූරුවට වැඩිය දියුණු රටක්..! – විජේදාස රාජපක්ෂ
රෝහණ විජේවීර සහ වේළුපිල්ලේ ප්‍රභාකරන් ලංකාවේ ඉපදුනේ නැත්නම් ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු රටක් බව හිටපු අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.
“පහුගිය කාලේ පුරාම අනෙකුත් පක්ෂවල ඉන්න සියලු දේශපාලනඥයන් හොරා කියලා ලේබලයක් අලවලා ජනතාව නොමග ගිහින් තමයි, අද ජනතාවට මේ විපත්තියට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
වර්තමාන ආණ්ඩුව දැන් අවුරුද්දක් ගෙවිලත් කළ දෙයක් නෑ. හැබැයි කියන්නේ 76 වසරක ශාපයක්ක කියලා. ඇත්ත වශයෙන්ම ඒක ඇත්ත. 76 වසරක කෙසේ වෙතත් 1971 ඉඳලා මේ රටේ පාසල් පද්ධතිය, අධිකරණ පද්ධතිය, රජයේ බස් ටික ඇතුළු සියලු සම්පත් විනාශ වුණේ එක හේතුවක් නිසා.
ඒ හේතුව තමයි, විජේවීරයි, ප්‍රභාකරනුයි ලංකාවේ ඉපදීම. විජේවීරයි ප්‍රභාකරනුයි ලංකාවේ ඉපදුනේ නැත්නම් අද අපි සිංගප්පූරුවට වඩා දියුණු රටක් තමයි.”
මේ පුවත තව අයට බලන්න
විජේවීරයි ප්‍රභාකරනුයි ඉපදුනේ නැත්නම් ලංකාව අද සිංගප්පූරුවට වැඩිය දියුණු රටක්..! – විජේදාස රාජපක්ෂ
2026-01-10T08:45:00+05:30
Gossip Lanka Hot News






