gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකාවේ වෙනිසියුලානු ආක්‍රමණය ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නිවේදනයක්!

ඇමරිකාව විසින් කළ වෙනිසියුලානු ආක්‍රමණය තරයේ හෙළා දකින බවත්, ජාත්‍යාන්තර නීති රීති සහ සම්මුති අමු අමුවේ උල්ලංඝනය කරමින් ඇමරිකාව කටයුතු කරන ආකාරය අනුව ඉදිරියේදී ලොව වෙනත් රටවලටද මෙවන් ආක්‍රමණ සිදුවිය හැකිබව පෙන්වා දෙමින්,  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතාගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

ස්වාධීන,ස්වෛරී රාජ්‍යයක්වන වෙනිසියුලාවට අනවසරයෙන් කඩාවැදී එහි මහජන ජන්දයෙන් තේරීපත්වූ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන යාම ‘බලහත්කාරයෙන් බලය යෙදවීමක්’ ලෙසද එහි සඳහන් කර තිබේ.

මධුරෝගේ පාලනය හෝ ඔහුගේ ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එරට ජනතාවට ඇත්නම්, ඒවා විසඳාගත යුත්තේද එරටේ අධිකරණය තුළදී බව සඳහන් කර ඇති එම නිවේදනය වෙනිසියුලාවට නව පාලකයෙක් පත්කර දීමට ඇමරිකාවට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද යන්නත් ප්‍රශ්න කර ඇත.

තමන් ඉදිරියටත් වෙනිසියුලාවේ ස්වෛරී පැවැත්ම සහ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනීසිටිනා බව සදහන් කරමින් නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka