gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නන්දන ගුණතිලක : මැරුණා ද? මැරුවා ද? .. ගම්මන්පිලගෙන් රහස් රැසක් එලියට!

අභාවප‍්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් පිවිතුරු හෙල උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.

නන්දන ගුණතිලක : මැරුණා ද? මැරුවා ද?

නන්දන ගුණතිලක දේශපාලකයෙකු ලෙස මම හඳුනා ගෙන වසර 26කටත් වැඩිය.  නමුත් ඔහු සමීපව ඇසුරු කලේ මෑතක දීය.  ඒ මාලිමා ආණ්ඩුවේ මුල් සමයේ ඊට අභියෝග කළ අතලොස්ස අතර ඔහුත් මාත් සිටි බැවිනි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මාලිමා ආණ්ඩුව විසින් පත් කළ රංග දිසානායක ජවිපෙ නීති කමිටුවේ සාමාජිකයෙකු බවට ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කලේය.  ඊට සමගාමිව ජනාධිපති, අගමැතිනිය සහ සභානායක එක්ව රංග අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර ගැනීමට දියත් කළ දූෂිත මෙහෙයුම සාක්ෂි සහිතව හෙලිදරව් කිරීමට මට හැකි විය.  එබැවින් මාලිමා නායකයින්ගේ මෙන්ම ඩෝබි බලකායේ ද දරුණු වෛරයට අප දෙදෙනාම එක සේ පාත්‍ර විය.

නන්දන මා සොයා පැමිණියේ රංග පත් කළ දූෂිත මෙහෙයුම පිළිබඳ මගෙන් දැනුම්වත් වෙන්නටය.  කහට කෝප්පයක් බොමින් අපි පැය ගණනක් කතා කලෙමු.  ජවිපෙ යළි ආරම්භ කිරීමේ දුෂ්කර ක්‍රියාව ඔහු සිහිපත් කලේය.  එක් පැත්තකින් එය මරුවා සමග කරන සටනකි.  අනිත් පැත්තෙන් ආර්ථික හැකියාව ඊට අභියෝගයකි.  මිනීමරුවන් ලෙස ජවිපෙට තිබෙන හංවඩුව මැකීම ඒ සියල්ලටම වඩා අභියෝගයකි.  නැවත උපන් ජවිපෙ ප්‍රධාන ලේකම් ලෙස ඒ අභියෝගාත්මක සමය ගත කළ අයුරු නන්දන පැහැදිලි කරන විට ඔහුගේ ගැඹුරු ඇස් තුල මම දැක්කේ දැවැන්ත සංවේගයකි.

පැරණි සගයන් සොයා යමින් පක්ෂය ගොඩ නැගීමට ඇරයුම් කිරීම ඔහුගේ පළමු කාර්රය විය.  අනුර සහ විජිත වැඩේ මග හරින විට බිමල් සිය ඉංජිනේරු අධ්‍යාපනයත් ලාල්කාන්ත තම යෝගට් ව්‍යාපාරයත් අත්හැර පැමිණි ආකාරය පිළිබඳ සඳහන් කලේ කෘතවේදීවය.  ඔහු මගෙන් සමු ගත්තේ රංග දිසානායක මෙහෙයුම සම්බන්ධයෙන් මා සතු දැවැන්ත ලිපි ගොනුවේ පිටපතක් ද ලබා ගෙනය.

ඔහු නැවත වරක් මා සොයා පැමිණියේ ආණ්ඩුව විසින් මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉඩක් ඇත්දැයි නීති උපදෙසක් පතමිනි.  විශ්‍රාම වැටුප අහෝසි කරන්න ආවොත් තමන් මරාගෙන මැරෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශය කලේ ඊටත් පසුවය.  පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් අතරමැද කාලයේ දී කිසිවෙකු නොමරා ඔහු ජීවිතයෙන් සමුගෙන ඇත.

ඇත්තෙන්ම ඔහු මැරුණා ද? නැතිනම් ඔහුව මැරුවා ද? මේ මගේ සිතේ නිතර නැගෙන උත්තර නැති ප්‍රශ්නයකි.  ඒ සැකය ඇතිවීමට හේතු ගොඩකි.  පසුගිය සමයේ සති දෙකකට වරක්වත් නන්දන මා හමු වී දේශපාලන ප්‍රවණතා ගැන කතා කලේය.  මා සෑම විටම සාක්ෂි සමග කරුණු දැක්වීම ඔහු අගය කරමින් කතා කලේය.

මීට මාස දෙකකට පමණ පෙර නන්දන මා හමුවූයේ හොල්මනක් දැක බය වුණු අයෙකු මෙනි.  ඔහු මට පැවසුවේ ජවිපෙ තමන් මරා දැමීමට තීරණය කර ඇති බවයි.  පක්ෂ වලින් වෙන්වීම මෙන්ම තමන් සිටි පක්ෂයේ වැරදි ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ලෝකය පුරාම සිදුවන දෙයකි.  නමුත් විවේචන දරා ගැනීමට නොහැකිව මරා දැමීම ඇදහිය නොහැකි දේශපාලන සංස්කෘතියකි.  නමුත් අවාසනාවට නන්දන පැවසුවේ එය ජවිපෙ චිරාගත සම්ප්‍රදායක් බවයි.  වාස් තිලකරත්න සහ නන්දන මාරසිංහ මරා දැමීමේ තීරණ නන්දන විසින් මට සිහිපත් කරන විට මට සිහිපත් වූයේ ජවිපෙ හැර ගිය නායකයෙකු වන මාගේ ඥාතියෙකු ද වන ජී අයි ඩී ධර්මසේකර (වර්තමානයේ දී මාලේවන ධම්මවිජය හිමි) මරා දැමීමට භීෂණ සමයේ අවස්ථා ගණනක දී ජවිපෙ දැරූ උත්සාහයයි.

නන්දන මට පැවසුවේ තමන්ට වස දී හෝ රිය අනතුරකට ගොදුරු කර මරා දැමීමට වැඩි ඉඩක් ඇති බවයි.  නන්දන ගිය පසු මට ඇති වුණු කැළැඹීමෙන් මිදීමට මම සමාජ මාධ්‍ය තුල කාලය මැරුවෙමි.  එහි දී මා දුටුවේ රටේරාල තීරු ලිපිය ලියන ප්‍රියන්ජිත් විතාරණ ද ඔහු සමග නන්දන ගුණතිලක සහ වරුණ රාජපක්ෂ මරා දැමීමට ජවිපෙ තීරණය කර ඇති බවට තබා ඇති සමාජ මාධ්‍ය සටහනයි.  මම වහාම ප්‍රියන්ජිත් ඇමතුවෙමි.

ප්‍රියන්ජිත් පැවසුවේ තමන් තිදෙනා මරා දැමීමට පක්ෂය විසින් තීන්දු කළ බව පක්ෂයේ සිටින ප්‍රබල මිතුරෙකු මගින් දැන ගැනීමට ලැබුණු බවත් තමන් ගෙදරින් බැහැරට යන්නේ ඉතාම කලාතුරකින් බවයි.  එමෙන්ම වැඩිම අවදානම ඇත්තේ නන්දනට බවත් වස දීම වඩාත් භාවිතා කිරීමට ඉඩ ඇති ක්‍රමවේදය බවයි.  “නන්දන අයියා තමයි ජවිපෙ යළි ඇරඹීමේ ඉතිහාසය දන්න එකම කෙනා. අපි එයාව පරිස්සම් කර ගන්න ඕනි”. ප්‍රියන්ජිත් සිය කතාව අවසන් කලේ එසේය.  පසු දිනක තමන් තිදෙනා මරා දැමීමට තීරණය කර ඇති බවට වරුණ ද සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙනු දුටිමි.

දින කිහිපයකට පෙර නන්දන අසනීප වී ජයවර්ධනපුර රෝහලේ සිටින බවට දැන ගැනීමට ලැබිණි.  බටහිර ඔත්තු සේවා චිත්‍රපට අනුව නම් සතුරා මරා දැමීමට රෝහල තරම් තවත් සුදුසු ස්ථානයක් නැත.  එබැවින් මම වහාම ඔහුට දුරකතන ඇමතුමක් ගෙන “නන්දන, ඔයා අසනීපෙන්දැ”යි විමසුවෙමි.  “අසනීපයෙන් නොවේ උදය, මට දැන් අසාධ්‍යයි”.  ඔහු එය පැවසුවේ කෙඳිරිගාමිනි.  මම ඒ අවස්ථාවේම රෝහලට පැමිණීමට උත්සාහ කළත් ඔහු පැවසුවේ තමන්ව සුළු මොහොතකින් රාගම රෝහලට ගෙන යෑමට නියමිත බැවින් පසුදින පැමිණෙන ලෙසය.

මම පසුදින රෝහලට ගොස් ඔහුගේ සුවදුක් බැලිමි.  මගේ අතින් අල්ලා ගෙන පැය භාගයක් පමණ බොහෝ දේ කෙඳිරුවේය.ඇත්තෙන්ම ඔහු රෝහලේ සිටියේ මිය යමින්ය.  එය ඔහුගේ සමීපතයින්ට ද දැනෙන්ට ඇත.  ඔහුගේ බාල දියණිය පියා දෙස බලාගෙන සිටින අතරේ රෝහලේ දී සිහිසුන් වූයේ එබැවිනි.

හිතවත් නන්දන, රටට නොකියූ රහස් ගොන්නක් සමග ඔබ දැන් නිහඬය.  ඔබ ඇරඹූ දැවැන්ත සටනේ අතරමැද ඔබ අපෙන් සමුගෙනය.  ඔබ ඇරඹූ සටන ජයග්‍රහණය තෙක්ම ඉදිරියට ගෙන යන බවට අපි ඔබට ශපථ කරමු.

ඔබට නිවන් සුව අත්වේවා !

උදය ගම්මන්පිල
2026 ජනවාරි 18
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka