gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් බිග්කුච්චන් එකක්... ඩෙල්ෆ් දුපත ලංකාවේ විශාලම දුපත කියා කියයි

ශ්‍රී ලංකාවේ විශාලතම දූපත ඩෙල්ෆ්ට් දූපත බවට කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමක තැබූ සටහනක් මේ වන විට දැඩි කතාබහට හා විවේචනයට ලක්ව තිබේ. අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය දෝෂ සහගත බව පෙන්වා දෙමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් රැසක් සිය විරෝධය පළ කර ඇත.

අදාළ සටහන සම්බන්ධයෙන් අදහස් දක්වන පිරිස් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම දූපත මන්නාරම් දූපත මිස ඩෙල්ෆ්ට් දූපත නොවන බවයි. 

භූගෝලීය දත්තයන්ට අනුව මන්නාරම් දූපතේ වපසරිය වර්ග කිලෝමීටර් 110ක් පමණ වන අතර, ඩෙල්ෆ්ට් දූපතේ වපසරිය පවතින්නේ වර්ග කිලෝමීටර් 40ත් 50ත් අතර ප්‍රමාණයක බව ඔවුහු පෙන්වා දෙති.

වගකිව යුතු අමාත්‍යවරයෙකු මෙවැනි සාවද්‍ය කරුණු ප්‍රසිද්ධ කිරීම පිළිබඳව බොහෝ දෙනා මවිතය පළ කර තිබේ. දූපත්වල ප්‍රමාණයන් පිළිබඳ නිවැරදි දත්ත සටහන් කරමින් බොහෝ පරිශීලකයින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි කිරීමට පියවර ගෙන තිබුණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka