gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ඈත ඉතිහාසයේ රජවරු පත් කළෙත් අස්කළෙත් මහා සංඝ රත්නය..." - අස්ගිරි අනුනායක හිමිගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්!

රටේ පවතින ගැටළු ගැන මල්වතු අස්ගිරි ස්වාමීන්වහන්ස්සේලාට දෙනම නිහඩ වුවහොත් රටත් ජාතිය විනාශ වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක,  පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන් ප්‍රකාශ කර තිබේ.

  මේ සම්බන්ධව තව දුරටත් අදහස් දක්වන අනුනායක හිමි

'' අප රටේ මතුවෙලා තියන ජාතික ආගමික අධ්‍යාපනික ඇතිවෙලා තියන ප්‍රශ්නත් එක්ක බැලුවහම මෙන්න මේ ප්‍රකාශය ඉතාමත් වැදගත්.   ඒක මුලු බෞද්ධ ලෝකයටම යනවනම් මම කැමතියි. මේක සියළු පුරවැසියන් දැනගත යුතු ප්‍රකාශයක්. මේක ප්‍රකාශය කරන්නේ ඩඩ්ලි සේනානයක හිටපු අගමැතිතුමා .

එතුමා තමයි 1959-8 -10 වෙනිදා හෝ ඊට පෙර දිනයෙදී මේ අස්ගිරි මහ විහාරයෙදී මේ ප්‍රකාශය  කරන්නේ.   එතුමා ඒ ප්‍රකාශය කරන්නේ ගොමගොඩ ශ්‍රී රතනපාල ලොකු හාමුදුරුවන්ගේ උත්සවයකදී .

ඒ ප්‍රකාශය උපුටා දක්වන ලද්දේ මෙලෙසින්

''නිදහස් රටක් වුණත් අද ලංකාවේ පාලන තත්වය පහත වැටී ඇති බැවින් වැඩිකල් යන්නට මත්තෙන් අස්ගිරි මල්වතු සංඝ සභා වලට මේ රටේ බරපතල ප්‍රශ්න විසදන්න සිදුවේවි . අස්ගිරි මල්වතු සංඝ සභා දෙකට අයත් පාලන ක්‍රමය අවුරුදු දහස් ගාණක් පැරණි වූත් විධිමත් වූත් ස්වාධීන ක්‍රමයක් බව විදේශයන් පවා පිළිගෙන ඇති බව''   ප්‍රකාශ කර තිබෙනවා .

ඊයේ අපේ රටේ හාමුදුරු වහන්සේ නමක් මහානායක හාමුදුරුවන් වහන්සේ දෙනම හමුවේදී මේ රටේ අධ්‍යාපනයේ ගැටළුකාරී තත්වයක් පැහැදිළි කරනවා.

එතනදී මහා සංඝයා අතර ප්‍රධානත්වය දරන සංඝරාජ තනතුර දරන අස්ගිරි මල්වතු නාහිමි වහන්සේලා ඉතාමත් කාලෝචිත වැදගත් කරුණු ඉදිරිපත් කළා. මහානායක ස්වාමීන්වහන්සේ ඇතිවී තිබෙන තත්වයට කැක්කුම වේදනාව ඉදිරිපත් කලා.

ඒ වගේම මහානායක හිමිවරු හතර දෙනාගේම අත්සනින් යුතුව ඇතිව තිබෙන තත්වයට ලිපියක් සකස් කරන්න යෝජනා වුණා .

ඈත ඉතිහාසයේ රජවරු පත් කළෙත් රජවරු අස්කළෙත් කව්ද කියන එක අපේ බෞද්ධ පිංවතුන් දන්නවා .

එතනදී පුරෝගාමීත්වය ගත්තේ මහා සංඝ රත්නයයි. එනිසා රට ජාතිය ආගමට විපතක් ඇති වෙනවනම් එහිදී මහා නායක ස්වාමීන්වහන්සේලා හතරනමම මුලික විය යුතුයි.

රටට රජවරු නැත්නම් ජනාධිපතිවරු ඉන්නේ එක්කෙනයි .ඒත් ශාසනයට සංඝරාජවරු 4 නමක් වැඩ ඉන්නවා. ඒ හතර නමෙනුත් මල්වතු අස්ගිරි ස්වාමීන්වහන්ස්සේලාට හිමිකමත් තියනවා ප්‍රධානත්වයක් තියනවා. උන්වහන්සේලා දෙනම නිහඩ වුණොත් රටත් ජාතියත් ඉවරයි    . ''

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka