gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යහපාලන බැඳුම්කර වංචාව කළේ මහ මැතිවරණයට සල්ලි හොයන්න​... ඒ සල්ලිවලින් කොටසක් ජවිපෙටත් ගියා - බැදුම්කර වංචාවේ ආන්දෝලනාත්මක රහසක් එළියට!

යහපාලන සමයේ සිදුවූ බවට චෝදනා එල්ලවන බැඳුම්කර වංචාවෙන් ලබා ගන්නා ලද මුදල් ජනතා විමුක්ති පෙරමුණට ද ලබා දුන් බවට උවිඳු කුරුකුලසූරිය නමැති සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් සඳහන් කරයි.

ඒ අනුව එවකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සමඟ මෑතකදී දුරකථන සංවාදයක් ද සිදු කර තිබූ ඔහු විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පහත සටහන තබා ඇත.

"මම ලංකාවෙ මහා පරිමාණයෙන් හොරකම් කළා කියන අයව ආශ්‍රය කරල තියෙනවා වගේම තාමත් ඇසුරු කරනවා​. ඒ අයව කිසිම උසාවියක වරදකරුවන් කරලත් නැහැ. ඒ අය ඇසුරු කිරීමෙන් මම ඉඟෙන ගත්ත දේ තමයි; "හොරකම් කරනව නම්, නීතිපති දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල, සුප්‍රිම් කෝට් ගොඩනැගිල්ලේ සිට ලංකාව පුරා විසිරිල තියෙන අධිකරණවල ගොඩනැගිලිවල මාකට් වැලිව් එකටවත් වඩා හොරකම් කරන්න ඕන කියන එක​." එතකොට තමා නඩු කල් දදා මැරෙනකම් ඉන්න පුළුවන්. ඔය නාමල් එහෙම පොර ටෝක්ස් දෙන්නෙ ඒකනෙ. මම ලංකාවෙ සහ තවත් රටක දූෂණය ගැන ජනමාධ්‍යවේදීන්, ඒ වගේම සිවිල් සමාජ නායකයින් පුහුණු කරන්න මොඩියුල් හදන්න සහභාගි වුණ කෙනෙකු ලෙස කියන්නෙ ඔය ටික​. ඒ අයව අල්ලන්න ලංකාව වගේ රටකට ශක්තිය හෝ හැකියාව නැහැ. මැතිවරණ වේදිකාවල දෙන කයිය හෝ වහසිබස් විතරයි. දැන් අනුර වටෙත් යාලුවො විදියට කීදෙනෙක් ඉන්නවද ආණ්ඩුවක් මිල දී ගන්න හැකි අය​. උදාහරණයකට කියනව නම්, අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති කරල රනිල් දෙපාරක් බොන්ඩ් හොරකම් කළෙත් මෛත්‍රිපාල සිරිසේනගෙ ජනාධිපතිවරණයට ගත්ත ණය ගෙවන්නත්, දෙවෙනි බොන්ඩ් වංචාව කළේ මහ මැතිවරණයට සල්ලි හොයන්න​. ඒ සල්ලිවලින් කොටසක් ජවිපෙටත් ගියා. ජනාධිපති කොමිසමේ හිටපු විසුරුවරුන් කිව්ව​, මේ බැඳුම්කර සීන් එක අඩුගානෙ 2007 දි සිට හෝ සිදුවෙලා තියෙනවා. ඒ ගැන ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න කියල​. සිරිසේන ඒක කළෙත් නැහැ, ගෝට ඒක කළෙත් නැහැ, රනිල් ජනාධිපති වෙලා ඒක කළෙත් නැහැ. ඇයි අනුරතුමා හෝ දැන් ඒ පරීක්‍ෂණ නොකරන්නේ? මට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඒක. ඉතුරු ටික මම පසුව ලියන්නම්!"

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka