gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘මා පිළිබද තොරතුරු නොදෙනු’ කතානායකගෙන් පාර්ලිමේන්තු නිලධාරීන්ට නියෝග..?

පිවිතුරු හෙල උරුමයේ නායක හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

2026 ජනවාරි මස 22

මාධ්‍ය නිවේදනය

හිතවත් ප්‍රවෘත්ති කර්තෘතුමනි / ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමනි

"මා පිළිබද තොරතුරු නොදෙනු" - කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීන්ට නියෝග

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකතුමා විසින් සිදු කරන ලද දූෂණ ගණනාවක් අඩංගු වාර්තාවක් “පාර්ලිමේන්තුවට අදාළ රහස්‍ය තොරතුරු අවසරයකින් තොරව මාධ්‍යයට හෙලිදරව්වීම සම්බන්ධයෙන් සහ ගරු කතානායකවරයාගේ නිල නිවාසය පිළිබඳ රහස්‍ය තොරතුරු තෙවැනි පාර්ශවයකට හෙලිදරව් වීම සහ එම තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශනයේ වාර්තාව” යන ශීර්ෂය යටතේ පාර්ලිමේන්තුව විසින්ම සකසා තිබෙන බවට මට තොරතුරක් ලැබිණි. 

ඒ අනුව

i)  කතානායකවරයා විසින් මහජන මුදල් අවභාවිතා කිරීමක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳ දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇති බැවින් ද

ii) මෙම වාර්තාව අඩංගු වන්නේ කතානායකවරයාගේ නිල නිවස සම්බන්ධ තොරතුරු වැනි පාර්ලිමේන්තුවේ පරිපාලනය පිළිබඳ තොරතුරු මිස පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට අයත් තොරතුරු නොවන බැවින් මෙම වාර්තාව ප්‍රසිද්ධ වීමෙන් 1953 අංක 21 දරණ පාර්ලිමේන්තුවේ (බලතල සහ වරප්‍රසාද) පනත උල්ලංඝණය නොවන බැවින් ද

2025 ඔක්තෝම්බර් 31 දිනැති ලිපියක් පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාට යවමින් එකී වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටියෙමි. 

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දන්වමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ තොරතුරු නිලධාරියා වන හංස අබේරත්න මහතා විසින් 2025 නොවැම්බර් 15 දිනැති ලිපිය මගින් මට දන්වන ලදී.

එකී වාර්තාවේ පිටපතක් මට ලබා දීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් නොවන හෙයින් 5(1)(ඔ) වගන්තිය අනුව මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්න සහගත බැවින් එකී තීරණයට එරෙහිව 2025 නොවැම්බර් 26 දින පාර්ලිමේන්තුවේ තොරතුරු දැන ගැනීම පිළිබඳ නම් කළ නිලධාරියා වන පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහනදීර මහත්මිය වෙත අභියාචනාවක් ලිඛිතව ඉදිරිපත් කලෙමි. මාගේ ඉල්ලීම ගරු කතානායකතුමාගේ උපදෙස් මත ප්‍රතික්ෂේප කරන බව දැනුම් දෙමින් එතුමිය විසින් 2025 දෙසැම්බර් 19 දිනැති ලිපියෙන් මට දැනුම් දුන්නාය.

ප්‍රශ්නගත සිදුවීමේ චුදිතයා වන කතානායකවරයාගේ  බලපෑම් පරිදි තොරතුරු වසන් කිරීමට, තොරතුරු ලබා නොදීමට කිසියම් තොරතුරු නිලධාරියෙකුට සිදු වේ නම් එය බරපතළ තත්වයකි. 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ  පනතද උල්ලංඝණය කිරීමකි.

ඒ අනුව 2025 දෙසැම්බර් මස 30 වන දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට මම කටයුතු කලෙමි. තොරතුරු දැන ගැනීමේ කොමිසමට ඉදිරිපත් කළ එකී අභියාචනයේ පිටපතක් මේ සමග එවා ඇත.

කතානායකවරයා විසින් මහජන මුදල් අවභාවිතා කිරීමක් සිදු කර ඇත්නම් එය පිළිබදව දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කරමින් අදාල වාර්තා ලබා දෙන ලෙසට නියෝගයක් පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරමු !

මීට

දේශප්‍රේමීත්වයෙන්

පිවිතුරු හෙළ උරුමය

උදය ගම්මන්පිල

නායක
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka