gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සනත්ගේ කැපිලි නිසා ක්‍රීඩකයන් දෙපිලකට බෙදිලා!

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව එන්න එන්නම වළ පල්ලට යන බව අප කියන්නේ සෑහෙන කාලයක ඉඳලයි. මෙතෙක් අප හෙළිදරව් කළ සියල්ල ඇත්ත බව අමුතුවෙන් කිව යුතු නැහැ. ලංකාවේ මීඩියා වල ඉන්න වැඩි හරියක් ෂම්මිලාගේ සාක්කුවේ ඉන්න නිසා අප හෙළිදරව් කරන කිසිදු තිත්ත ඇත්තක් මීඩියා වල යන්නෙ නැහැ.

ලෝක කුසලානයක් අත ළඟ තිබියදී තේරීම් කමිටු වෙනස් කරන හා නායකයා වෙනස් කරන එකම රට ලංකාවයි.

නායකයා වෙනස් කිරීම තුළින් දැන් කණ්ඩායම භේද භින්නවී එකාට එකා නැති තත්වයක් හට ගෙන හමාරයි.

කාටත් නැති ස්වාධීන ක්‍රීඩකයන් දෙතුන් දෙනකු හැර අනික් සියලු දෙනා කොටස් දෙකකට බෙදී අවසන්.

ඒ චරිත් අසලංකගේ රිච්මන්ඩ් පිල හා දසුන් චානකගේ පිල යනුවෙන්.

පාකිස්තානයේ තරගාවලිය අතරමග ආපහු ලංකාවට එන්න ක්‍රීඩකයන් පිරිසක් කටයුතු කිරීමත් සමග මේ තත්වය උත්සන්න වී තිබෙනවා.

පුහුණුකරු සනත් ජයසූරියත් මුලින් ආපහු ඒමට උත්සාහ කළ පිරිසට සහයෝගය දැක්වුවත් ජනාධිපති අනුර කුමාර හා ෂම්මි සිල්වාගේ බල කිරීම මත ඔහු පසුව ඩබල් ගේමක් දෙමින් එන්නට උත්සාහ කළ පිරිසට විරුද්ධව කටයුතු කළ බවත් ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වය අහෝසිකොට අසිත ප්‍රනාන්දු හා වැන්ඩසේ ට කණ්ඩායමේ ස්ථානය අහෝසි කිරීමටත් කුමන්ත්‍රණය කර තිබෙනවා.

තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහත් මේ කුමන්ත්‍රණයේ හවුල් කාරයෙක් බව අප කියන්නේ වගකීමෙන් යුතුවයි.

කල් තියාම ඔවුන් දසුන් චානක චරිත්ගේ උපනායකයා ලෙස පත් කළේද මේ කුමන්ත්‍රණය අනුවයි.

මීට අමතරව සනත්ගේ ක්‍රියා කලාපය නුරුස්සන ඇතැම් ක්‍රීඩකයන්ට තමන් ඉන්නා තුරු කණ්ඩායමේ පැත්ත පළාතකට වැද්ද නොගන්නා බව සනත් ඔවුන්ගේ මුහුණටම කියා තිබෙනවා. එම වීඩියෝ දර්ශන ඉදිරියේදී අප ඉදිරිපත් කරන බව කිව යුතුයි.

මීට පෙර තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ අවදියේද බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමග හටගත් ගැටුමක් නිසා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ කිසිදු ක්‍රීඩකයකුට ජාතික පිලේ අවස්ථාවක් ලබා නොදෙන බව ඔහු තර්ජනය කළ බව ක්ෂේත්‍රයේ බොහෝ අය දන්නා කරුණක්.

තමන් ලෝක කුසලාන තරගාවලියෙන් පසු පුහුණුකාරිත්වයෙන් ඉවත්වන බව කීවත් ඉන්පසු ලක්ෂ 50ක පඩියකට ක්‍රිකට් කන්සල්ටන්ට් ලෙස අධි තාක්ෂණ අංශයේ සේවය කරන්නට ෂම්මි සමග එකඟතාවකට පැමිණ අවසන්.

මේ නිසා සනත් ඔහුට සුපුරුදු බෙලිකැපිල්ල දිගටම ගෙනියන්න බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා.

දැනටමත් ක්‍රීඩකයන් අතරින් දසුන් ප්‍රමුඛ ක්‍රීඩකයන් පිරිසක් සනත්ට සර් යනුවෙන් අමතද්දී තවත් පිරිසක් ඔහු අමතන්නේ අයියා යනුවෙන්.

සනත්ගේ ආගමනයෙන් සිදු වූයේ එකට සිටි කණ්ඩායමක් විරසක වී දෙකට බෙදීමක් බව පිටින් ක්‍රිකට් නරඹන බොහෝ අය නොදන්නා කරුණක්.

තරග පරදින්නට මෙය ප්‍රධාන හේතුවක් වී තිබෙන අතර බැහැල ගහනවා නම් මේ කණ්ඩායමට තරග ජය ගැනීම අපහසු කටයුත්තක් නොවන බවත් කියන්නේ වගකීමෙන්.

මේ අතරට සනත්ගේ කැඳවීමෙන් කණ්ඩායම තුළට ආ ලසිත් මාලිංග පන්දු යැවීමේ පුහුණු සහායක ලෙස භාර දී ඇති ජොබ් එකෙන් බැහැරව ඇනලයිසින් ජොබ් එකත් කරමින් , පිතිකරණ උපදෙස්ද ලබා දීමට කටයුතු කිරීම ක්‍රීඩකයන්ගේ හාස්‍ය්‍යට ලක්ව තිබෙනවා.

මෙය බල්ලාගේ වැඩෙ බූරුවා කරන්නට යාමක් බවයි ඔවුන් පවසන්නේ. මේ අතර රජයේ කටයුතු වලට ක්‍රීඩකයන් කැඳවාගෙන යමින් මාලිමාවෙන් ලකුණු දා ගැනීමට සනත් කටයුතු කරන ආකාරයද ක්‍රීඩකයන් අතර විහිලුවක් බවට පත්වී තිබෙනවා.

උපුටා ගැනීම : lankasportsnews
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka