gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ නඩුව අද යලි අහයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරමින් සිටියදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ නඩු කටයුත්ත අද (28) දින කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව ඇත.

මෙම නඩුවට පාදක වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන අතරතුර, බ්‍රිතාන්‍යයේදී සිදුකළ පෞද්ගලික සංචාරයක් සඳහා රාජ්‍ය ප්‍රතිපාදන අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, පසුව ඔහු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණි.

අදාළ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නව විමර්ශනවල ප්‍රගතිය සහ ඊට අදාළ වාර්තා අද දින විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

මෙම නඩු විභාගය සඳහා නීති ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි අවධානයක් යොමුව පවතී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka