gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පිං පොං කැස්බෑව සංවිධායක නොවේ - පැතිරෙන පුවත පොහොට්ටුව ප්‍රතික්ෂේප කරයි

ජනප්‍රිය රංගන ශිල්පී රාජිත හිරාන් (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම පක්ෂය නිවේදනය කරයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ප්‍රධාන සංවිධායක අජිත් නාරගල මහතා පෙන්වා දෙන්නේ පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවැති කැස්බෑව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ රංගන ශිල්පියා අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් තබන අවස්ථාවේ ගත් ඡායාරූපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම අසත්‍ය පුවත පතුරුවා ඇති බවයි.

මෙම උත්සවය සඳහා දේශපාලනඥයන්ට අමතරව විද්වතුන් සහ කලාකරුවන් රැසක් සහභාගී වූ බවත්, පක්ෂයට සහාය දක්වන ජනප්‍රිය පුද්ගලයන් අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන බවත් නාරගල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. පක්ෂයේ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීමට පැමිණෙන කලාකරුවන් අධෛර්යමත් කිරීමට දරන මෙවැනි උත්සාහයන් පිළිගත නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka