gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රීලාට පාතාලයෙන් මරණ තර්ජන... ආරක්‍ෂාවට පිස්තෝල දෙයි!

සංවිධානාත්මක අපරාධකරුවන් සහ පාතාල කල්ලි සාමාජිකයන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු ඇතුළු රජයේ සේවකයන් 50 කට ආසන්න පිරිසකගේ ජීවිතවලට බලපෑම් කර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කරයි.

මෙලෙස ජීවිත අවදානමට ලක්වූවන් අතර බහුතරයක් පොලිස් හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවලට අයත් පිරිස් වන අතර, රේගුව, ගුවන්තොටුපළ සහ විවිධ විමර්ශන අංශවල නියුතු නිලධාරීහු ද ඒ අතර වෙති. 

විදේශගතව සිටින පාතාල නායකයන් විසින් මෙරට සිටින තම සගයන්ට සහයෝගය දක්වන ලෙස බල කරමින් මෙම මරණීය තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන් දස දෙනෙකුට පමණ එල්ල වූ බලපෑම් පිළිබඳ හඬපට කිහිපයක් ද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා වෙත මේ වන විට භාර දී තිබේ.

තමන්ට පවතින තර්ජනය සැලකිල්ලට ගෙන ආරක්ෂාව තර කරන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 

මේ වන විටත් අවදානමට ලක්ව සිටින මන්ත්‍රීවරුන් දස දෙනෙකුට පමණ කථානායකවරයාගේ උපදෙස් මත අතිරේක ආරක්ෂාව සපයා ඇති අතර, තවත් පිරිසකට ස්වයං ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කිරීමට ද පියවර ගෙන ඇත.

මෙම බරපතළ තත්ත්වය පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය මගින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka