gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෙනිසියුලාව දණින් වැටේ... බොර තෙල් ආකර ඇමරිකාවට බාර දෙයි!

 වෙනිසියුලාව සතු, දැනට සම්බාධකවලට යටත්ව ඇති බොරතෙල් බැරල් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් අමෙරිකා එක්සත් ජනපදයට භාර දීමට නියමිත බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

මෙලෙස ලබා ගන්නා බොරතෙල් ලෝක වෙළඳපල මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිත අතර, එමඟින් ලැබෙන ආදායම වෙනිසියුලානු සහ අමෙරිකානු ජනතාවගේ යහපත උදෙසා යෙදවීමට තම පාලනය යටතේ කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙම සැලසුම වහාම ක්‍රියාත්මක කරන ලෙස ඔහු සිය බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් වෙත උපදෙස් දී ඇති අතර, අදාළ තෙල් තොග ගබඩා නෞකා මගින් සෘජුවම අමෙරිකානු වරාය වෙත රැගෙන ඒමට නියමිතය.

වෙනිසියුලානු බලශක්ති ක්ෂේත්‍රය යළි නංවාලීම සඳහා අමෙරිකානු තෙල් සමාගම් ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා පවසයි. 

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා Chevron, Exxon Mobil සහ ConocoPhillips යන දැවැන්ත තෙල් සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත්, වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය 1990 දශකයේ පැවති මට්ටමට (දිනකට බැරල් මිලියන 3ක් පමණ) යළි ගෙන ඒම සඳහා වසර කිහිපයක කාලයක් සහ ඩොලර් බිලියන 110ක පමණ දැවැන්ත ප්‍රාග්ධන ආයෝජනයක් අවශ්‍ය වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මීට පෙර හියුගෝ චාවේස් පාලන සමයේදී අමෙරිකානු තෙල් සමාගම් සතු දේපල රාජසන්තක කිරීම හේතුවෙන් ඇති වූ අමිහිරි අත්දැකීම් මත, යළිත් වරක් එරට තුළ විශාල ආයෝජනයන් කිරීමට සමාගම් දක්වන උනන්දුව පිළිබඳවද වෙළඳපල නිරීක්ෂකයෝ සැක පළ කරති.

ලොව විශාලතම බොරතෙල් සංචිතය හිමි වෙනිසියුලාව, වසර ගණනාවක දූෂණය, අක්‍රමවත් කළමනාකරණය සහ අමෙරිකානු සම්බාධක හේතුවෙන් මේ වන විට ලෝක තෙල් සැපයුමෙන් දායක වන්නේ සියයට 1කටත් වඩා අඩු ප්‍රමාණයකිනි. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka