gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“පඩි වැඩි කළේ නැත්නම් රට යනවා කියන තර්ජනයට අපි බය නැහැ” – නලින්ද සැර වෙයි!

වැටුප් වැඩි නොකළහොත් රට හැර යන බවට තර්ජනය කරමින් වෛද්‍යවරුන් සිදුකරන කේවල් කිරීම් හමුවේ රජය පසුබට නොවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි .

එවැනි තර්ජන ඉදිරිපත් කරන පුද්ගලයින්ට අවස්ථාවක් ලැබුණු ඕනෑම මොහොතක කෙසේ හෝ රට හැර යන පිරිසක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් සඳහා රජය මේ වන විටත් සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබා දී ඇති පසුබිමක, තවදුරටත් වැටුප් ඉල්ලමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම පිළිබඳව අදහස් දක්වමිනි.

“පඩි වැඩි කළේ නැත්නම් රට දාලා යනවා කියන දොස්තරලා, අවස්ථාවක් ලැබුණොත් කොහොමත් රට දාලා යන අය. ඒ නිසා ඒ තර්ජනයට අපි බය වෙන්නේ නැහැ.” යැයිද ඒ මහතා පැවසීය .

තමන් ඉතා අත්‍යවශ්‍ය පුද්ගලයෙකු යැයි සිතා ඉල්ලීම් දිනා ගැනීමට කේවල් නොකරන ලෙසත්, ඕනෑම වැදගත් පුද්ගලයෙකු නැති වුවද ලෝකය හෝ රටේ පැවැත්ම නතර නොවන බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

මේ රටේ ජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනයෙන් උගෙන යම් තැනකට පත්ව සිටින වෘත්තිකයන්ට, මේ අසීරු අවස්ථාවේ පෙරළා රටට සේවය කිරීමේ සදාචාරාත්මක වගකීමක් පවතින බව ඔහු පවසා සිටියේ ය.

යුරෝපීය රටවල පවතින ඉහළ වැටුප් සමඟ සැසඳීම් කරමින් මෙරට ආර්ථිකයට ඔරොත්තු නොදෙන ඉල්ලීම් ඉදිරිපත් කිරීම සාධාරණ නොවන බවත්, රෝගීන් බිල්ලට තබා ගනිමින් සිදුකරන මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග රජය අනුමත නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka