gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්වලට ආචාර්ය උපාධිය ගේන්න තව කල් තියෙනවා… බිමල් රන්වලට උපාධියක් නෑ කිව්වේ හිතළුවක් – නලින්ද ජයතිස්ස

හිටපු කතානායක අශෝක රන්වල ඉතා ඉක්මනින් සිය ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කරනු ඇතැයි වසරකට පෙර තමන් සඳහන් කළේ රන්වල විසින් ඉදිරිපත්කළ කාරණයක් බව අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.

අදාළ ප්‍රකාශය සිදුකර දැන් විශාල කාලයක් ගතවුවද සිය සහතිකය තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් අශෝක රන්වල තමන්ට දැනුම් දී නැති බවද ඒ සඳහා තව කාලය ඇති බවත් ඉක්මනින් දැනුම්දෙනු ඇතැයි සිතන බවත් ඔහු සඳහන් කරයි.

බිමල් රත්නායක දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් සඳහන් කළේ “තමන් සිතන ආකාරයට” අශෝක රන්වලට ආචාර්ය උපාධියක් නොමැති බව මිස රන්වලට ආචාර්ය උපාධියක් නොමැති බව නොවන බව ද නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

ඊයේ (20) කැබිනට් මාධ්‍ය හමුවට එකතු වෙමින් මාධ්‍ය නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka