gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතිපති එළවන මාලිමා සැලසුම එළියට!

මහජන හඩ ජාතික බලමුළුව විසින් අද කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුව හා එක් වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

අද දිනයේ මාලිමා ආණ්ඩුවේ හෙංචයියන් පිරිසක් රටේ නීතිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වනවාය, එතුමාගේ තීන්දු විවේචනාත්මකව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනවාය කියලා මාධ්‍යවල ප්‍රවෘත්තියක් මැවිලා තිබුණා.

කවුද මේ නීතිපතිවරයා කියන්නේ? නීතිපතිවරයා ඉටු කරන්නේ උද්ඝෝෂණවලට ලක්වෙන විධායකයේ කාර්යභාරයක් නෙවෙයි. නීතිපතිවරයා ර්අධ අධිකරණමය කාර්යභාරයක් ඉටු කරන කෙනෙක්. රටේ යුක්තිය පසඳලීමේ පද්ධතිය තුළ නීතිපතිවරයා දෙවැනි වන්නේ අගවිනිසුරුතුමාට පමණයි. ජ්‍යෙෂ්ඨත්වය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පවා ඉන්නේ නීතිපතිතුමාට පහළින්.

එවන් තනතුරක් කෙතරම් බලයක් තියෙනවද කියනවා නම්, මහේස්ත්‍රාත්වරයෙක් ලඝු නඩු විභාගයකින් නඩු පැවරීමක් නොකළ යුතුයි කියලා තීරණය කරද්දී ඒ තීරණය නොසලකා මහාධිකරණයේ නඩු පැවරීමේ බලය නීතිපතිවරයාට තිබෙනවා. ඒ වගේම යම් පුද්ගලයෙකුට චෝදනා ගොනු කරනවාද නැද්ද, චෝදනා ගොනු කරනවා නම් කුමන චෝදනාද කියන තීන්දුව ගන්නේ නීතිපතිවරයා. නීතිපතිවරයා ඒ තීන්දු ගන්නේ නීතිය අනුසාරයෙන්, නීතියෙන් කියලා තියෙන විදිහට. ඒ වැනි පසුබිමක නීතිපතිවරයාගේ තීන්දු වලට බලපෑම් කරනවා කියන්නේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට බලපෑම් කරනවා කියන එකයි.

මේ රටේ නීතිපතිවරයාටත් වරදින්න පුළුවන්. ඒ බව නීතියේ පිළිගන්න නිසා තමයි නීතිපතිතුමා ගන්න තීන්දු වැරදියි කියලා කාටහරි හිතෙනවා නම් ඒක අභියාචනාධිකරණයේදී රිට් ආඥාවක් ලබා ගැනීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමෙන් නිවැරදි කර ගැනීමේ අවස්ථාව ආණ්ඩුවටත් ජනතාවටත් ලබා දීලා තියෙන්නේ. හැබැයි මේ ආණ්ඩුව හිතනවා නම් නීතිපති ධුරයේ ස්වාධීනත්වය විනාශ කරලා තමන්ට කැමති තීන්දුව නීතිපතිවරයාගේ නීතිය අනුව ගන්න බැහැ කියලා නීතිපතිවරයා කියනකොට, ඒ තනතුරට මෙතෙක් සෑම රාජ්‍ය නායකයෙක්ම ගරු කළා.

නීතිපතිවරයාව තමන්ගේ අණසකට යටත් කළ යුතුයි කියලා මේ රටේ හිටපු කිසිම පාලකයෙක් සැලකුවේ නැහැ. ඒකාධිපතියන් විදිහට හංවඩු ගහපු පාලකයෙක්වත් නීතිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ ලෑස්ති කළේ නැහැ. නීතිපතිවරයා ගෙදර යා යුතුයි කියන නිගමනයට පැමිණියේ නැහැ. ඒ නිසා මේ රටේ ස්වාධීන යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය මාලිමාකරණයට ලක් කිරීමේ එක පියවරක් විදිහටයි අද පැවැත්වෙනවාය කියන මේ උද්ඝෝෂණය දකින්නේ. අපි ඒ උද්ඝෝෂණය හෙලා දකිනවා වගේම ස්වාධීන යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් අපි පෙනී ඉන්නවාය කියන එක සඳහන් කරන්න ඕනේ.

මහානායක ස්වාමීන් වහන්සේලාව බැහැදකින්න අපි ගිය අවස්ථාවේ උන්වහන්සේලා අපෙන් ඉල්ලීමක් කළා ජාතික වශයෙන් වැදගත් කාරණාවලදී පක්ෂ සියල්ල එකතු වෙලා සාමූහිකව හඬක් නැගීමේ වටිනාකම පිළිබඳව. ඒ පිළිබඳව පියවර ගැනීමේදී විපක්ෂයේ පක්ෂ විතරක් නෙවෙයි විපක්ෂයයි ආණ්ඩුවයි එකට එකතු වෙලා කළ යුතු වැඩක් සමාජය හමුවේ තියෙනවා. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka