gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපට ආණ්ඩු කරන එක කජ්ජක් - ලාල්කාන්ත

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙළට ඇතැම් පාර්ශව දැඩි ලෙස විවේචනය එල්ල කරන්නේ ඇය කාන්තාවක් වීම නිසා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම විවේචන පිටුපස ඇතැම් ආගමික සංස්ථාවල බලපෑම මෙන්ම කාන්තාවන් කෙරෙහි පවතින කුහකත්වය ද ගැබ්ව ඇති බවයි.

"ජනාධිපතිවරයා හැරුණු විට ආණ්ඩුවේ දෙවැනි පෙළ නායකත්වයට ප්‍රහාර එල්ල කිරීම විපක්ෂයේ දේශපාලන උපක්‍රමයක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම අගමැතිනිය ඉලක්ක කරගෙන සිදු කරන මෙම ප්‍රහාර පිටුපස ඇත්තේ දේශපාලන අරමුණු මිස ප්‍රතිපත්තිමය කාරණා නොවෙයි."

විපක්ෂයේ සිටීම පහසු බවත් ආණ්ඩු කිරීම අපහසු බවත් පවතින මතය ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, තමන්ට අනුව වඩාත් අසීරු වන්නේ විපක්ෂ දේශපාලනය බව සඳහන් කළේය.

"සමහරු කියනවා ආණ්ඩුව කරන එක අමාරුයි කියලා. නමුත් ඇත්තම තත්ත්වය ඒක නෙවෙයි. අපිට නම් ආණ්ඩුව කරන එක 'කජ්ජක්'. ඊට වඩා විපක්ෂයේ දේශපාලනය කිරීම අසීරු වුනා" යනුවෙන් ද ඔහු පැවසීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka