gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝකයේ දුෂ්කරම හමුදා පාඨමාලාව සාර්ථකව නිම කළ ලංකාවේ ප්‍රථම නාවික හමුදා නිලධාරියා ලුතිනන් කොයෙන් චමිත දිවියෙන් සමු ගනී!

ලංකාවේ නාවික හමුදා ඉතිහාසය වෙනස් කළ සාඩම්බර විරුවා නොකියාම යන්න යයි... ලෝකයේ අතිශය දුෂ්කර හමුදා පාඨමාලාවක් ලෙස සැළකෙන ඇමරිකානු එක්සත් ජනපදයේ සීල්  නාවුක හමුදා විශේෂ පුහුණු පාඨමාලාව හැදෑරූ ප්‍රථම නාවුක හමුදා නිළධරියා වන නාවුක හමුදා විශේෂ බලඝනයේ ලුතිනන් කොයන් චමිත අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් යුතුව වාර්තා කරමු.
 
එකසත් ජනපදයේ සීල්  නාවුක හමුදා විශේෂ පුහුණු පාඨමාලාව   වි⁣ශිෂ්ට ලෙස සාර්ථකව හැදෑරීම නිසා ඔහු හට දක්ෂතම සීල්  සෙබළාට පිරිනැමෙන සීල් ට්‍රයිඩන් පින් ජය සංකේතය හිමිකර ගැනීමට අවස්ථාව උදා විය.

එය ශ්‍රීලංකාව හා නාවුක හමුදාව අත්කර ගත්  කීර්තිමත් හමුදාමය ජයග්‍රහණයක් ලෙසද සැළකිය හැකියි. ඔහු සීල් නාවුක හමුදා පුහුණුව ලැබුවේ කැලිෆෝනියාවේ කොනරාඩෝ ප්‍රදේශයේදීය.

ලුතිනන් කොයන් චමිත  ඊයේ රාත්‍රී (27)නිදා සිටියදී වැළඳුන හදිසි හෘදයාබාධයක් නිසා ජීවිතයෙන් සමුගන්නට ඇතැයි සැක කෙරේ. ලුතිනන් කොයන් චමිත ගම්පහ පදිංචිකරුවකු  වන අතර ඔහු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

-lankasara

koyan chamitha passed away
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka