gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියට කොන්දේ සැත්කමක් – නඩුවට එන්න බැරිලු නීතිඥයෝ උසාවියට දන්වති!

හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා පිටකොන්දේ සැත්ක­ම­කට ලක්වීම නිසා නඩු විභා­ග­ය­කට මුහු­ණ­දී­මට තරම් ප්‍රමා­ණ­වත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් නොමැති බවට ඔහුගේ නීති­ඥ­වරු වෛද්‍ය වාර්තා ඉදි­රි­පත් කර­මින් කොළඹ මහා­ධි­ක­ර­ණ­යට ඊයේ (12) දැනුම් දුන්හ. ඒ අනුව නඩුව පෙබ­ර­වාරි 13දා කැඳ­වී­මට කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් මිහාල් මහතා නියෝග කළේය.

 පරි­සර ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ සමයේ ඔහුගේ පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලයේ ලෙස සේවය කළ තැනැ­ත්තන් බව දක්වා බාහිර පුද්ග­ල­යන්ට වැටුප් හා දීමනා ගෙවන බව දක්ව­මින් එම මුදල් සිය බැංකු ගිණු­ම්ව­ලට බැර කර­ගැ­නීමේ චෝද­නාව යටතේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ උද­වි­යට එරෙ­හිව මෙම නඩුව ගොනු­කර තිබේ.

හිටපු ඇමැ­ති­ව­ර­යාට අම­ත­රව ඔහුගේ පුත් රමිත රඹු­ක්වැල්ල, වැඩි­ම­හල් දිය­ණිය අමාලි රඹු­ක්වැල්ල හා සේවි­කා­වක වන නිපුණී ක්‍රිෂ්ණ­ජිනා නමැති තැනැ­ත්ති­යට විරු­ද්ධව මෙම නඩුව අල්ලස් හෝ දූෂණ කොමි­සම විසින් පවරා ඇත. පැමි­ණිල්ලේ 2, 3, 4 සාක්ෂි­ක­රු­වන්ගේ ප්‍රකාශ සහ නඩු භාණ්ඩ ලෙස නම්කර ඇති රස පරී­ක්ෂක වාර්තා සහ ජංගම දුර­ක­තන වාර්තා ඉදිරි නඩු දින විත්ති­යට භාර දෙන ලෙස මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා පැමි­ණි­ල්ලට නියෝග කළේය. විත්ති­ක­රු­වන් රුපි­යල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපි­යල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා­හැර ඇති අතර ඔවුන්ට ආග­මන විග­ම­නට තහ­න­මක් පනවා ඇත. කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු විත්ති­ක­රු­වන් 12 දෙන­කුට විරු­ද්ධව පවරා ඇති බාල බෙහෙත් නඩුව කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ දින­පතා විභාග වේ. එම නඩුව ඊයේ (12) විභා­ග­යට ගත් අව­ස්ථාවේ ඔහු අධි­ක­ර­ණයේ පෙනී නොසි­ටි­යේය. විත්ති­කරු නොමැ­තිව නීති­ඥ­යන් මාර්ග­යෙන් නඩුව පවත්වා ගෙන යාමට සියලු පාර්ශ්ව එක­ඟ­වීම නිසා සාක්ෂි විම­සීම සිදු­විය. හිටපු ඇමැ­ති­ව­රයා රෝද පුටු­වක ආධා­ර­යෙන් පසු­ගිය සතියේ මෙම නඩු­වට ඉදි­රි­පත් කෙරිණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka