gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමරිසි නීති වෙනස් කිරීමේ සැලසුමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයි අතර සම්බන්ධයක් නෑ…! – අගමැතිනිය

රටේ පවතින සමලිංගික නීති වෙනස් කළ යුතු බවට තමන් මෙයට පෙර සිදුකළ ප්‍රකාශය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර කිසිදු සබඳතාවක් නැතැයි අග්‍රාමාත්‍ය, අධ්‍යාපන ඇමතිනි හරිනි අමරසූරිය පවසයි.

අගමැතිනිය මේ බව ප්‍රකාශ කළේ, රජය සමලිංගික නීති වෙනස් කළ යුතු බවට මතයක් දරන පසුබිමක හය වසර සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබා දෙන මොඩියුලයක සමලිංගික වෙබ් අඩවියක දිගුවක් ඇතුළත් වීම හුදු කුමන්ත්‍රණයක් යැයි බැහැර කළ හැකි දැයි මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඒක අතර කිසිම සම්බන්ධයක් නෑ.”

මෙම ආන්දෝලනාත්මක තත්ත්වය ඉදිරියේ අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවට සමාජ මතයක් ඇතැයි මාධ්‍ය පවසන විටම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ විදුලිය විසන්ධි විය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka