gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හය ශ්‍රේණියේ මොඩියුල් එකට සමලිංගික වෙබ් අඩවියක් දාපු එක ගැන ජාතික අධ්‍යාපන ආයතනයේ ලොක්කෝ හයකගෙන් CIDය ප්‍රශ්න කරලා - හැබැයි තවමත් වැරදිකාරයෙක් නෑ!

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක නාමයක් (සබැඳියක්) ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එම පිරිසට ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු අංශය මොඩියුල ලියන ලේඛකයන් ඒවා සමාලෝචනය කරන සංස්කරණය සහ සෝදුපත් කියවන නිලධාරීහු ඇතුළත් වෙති.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ මොඩියුල ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වන රංජිත් ආරියරත්න කමිටුවේ වාර්තාව බොහෝදුරට ලබන සතියේදී භාරදීමට නියමිතව ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්නගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජාතික අධ්‍යාපනායතනයේ මොඩියුල ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක උපදෙස් ලබාගනිමින් සිටින බවයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka