gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය අල්ලස් කොමිසමට කැදවයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගවිනිසුරු මෙන්ම හිටපු නීතිපතිවරයකු ද වන මොහාන් පීරිස් මහතා ඉදිරි දින කිහිපය තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවීමට නියමිතව ඇත. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දැනට සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයක නිවාස කිහිපයක්, නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පුද්ගලයන් පිරිසක් වෙත ලබා දීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

මෙම සිදුවීම ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයට අදාළ වන්නකි.

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත ආරම්භ වූ මෙම විමර්ශනය යටතේ, මේ වන විටත් එවකට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ නිලධාරීන් රැසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන අවසන්ය.

අදාළ නිලධාරීන්ගෙන් හෙළි කරගත් තොරතුරු මත පදනම්ව, හිටපු ජනාධිපතිවරයාගෙන් සහ හිටපු නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට කොමිෂන් සභාව තීරණය කර ඇත. 

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මොවුන් දෙපළගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka