gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගෙන් ඇල්ලේ හිමියන්ට දුරකතන ඇමතුමක්!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පා තමන් වහන්සේ ජනාධිපති අනුර කුමාර දිසානායකට යැවූ සංදේශයට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා තමන් වහන්සේ සමග දුරකතනයෙන් දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

“ඔබ වහන්සේ ලිපියක් එවලා තියෙනවා” යනුවෙන් ජනාධිපතිවරයා දුරකතන ඇමැතුම ආරම්භ කරමින් ප්‍රකාශ කළේයැයි උන්වහන්සේ පැවසූහ.

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධව ජනාධිපති අනුර දිසානායක තමන් වහන්සේ සමග දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ බව ද ඇල්ලේ ගුණවංශ හිමියෝ පෙන්වා දුන්හ.
උන්වහන්සේ එහිදී ජනාධිපතිවරයාගෙන් ධර්ම චක්‍රය සම්බන්ධ මතුව ඇති ගැටලුව පිළිබඳ විමසන විට ජනාධිපතිවරයා පවසා ඇත්තේ, එය බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අනුමත කර ඇති එකක් බව පැවසුවේ යැයි උන්වහන්සේ පැවසූහ.

එමෙන් ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඔබ වහන්සේ දකින ගැටලු මොනවාද යන්න ජනාධිපතිවරයා විමසා ඇති අතර ආන්දෝලනයකට තුඩුදී ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවත් ඉන් රටේ ආගමට, සංස්කෘතියට වදින පහර දැවැන්ත බවත් බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

ජනාධිපතිවරයා පාසල්වල ගුරු පුරප්පාඩු එමෙන් ම පාසල්වල දරුවන්ගේ සංයුතිය, ප්‍රවාහන පහසුකම් ඇතුළු කරුණු ගණනාවක් තමන් වහන්සේ සමග සාකච්ඡා කළ බව ද ගුණවංශ හිමියෝ පෙන්වා දුන්හ.

කෙසේ නමුත්, මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් රටේ සාරධර්ම එමෙන් ම බුදු දහමට වදින මරු පහර පිළිබඳව තමන් වහන්සේ දිගින් දිගට ම ජනාධිපතිවරයාට කරුණු පෙන්වා දුන් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka