gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දයාසිරිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න – විධායක සභිකයෙක්ගෙන් නිමල් සිරිපාලට පැමිණිල්ලක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් පක්ෂයේ විධායක සභික එච්.එම්.පී.හේරත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු විසින් යවන ලද ලිපියේ දක්වා ඇත්තේ දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියක් නොමැතිව පක්ෂයේ අරමුදලෙන් වෙනත් පක්ෂ සාමාජිකයන් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

පක්ෂයේ ලේකම් තනතුරෙන් පහකොට සිටියදී සහ පක්ෂය අක්‍රීය පක්ෂයක් ලෙස තිබියදී 2024 මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස ගිවිසුමක් අත්සන් කිරීම සහ පක්ෂයේ පොදු අනුමැතියක් නොමැති වීම සම්බන්ධයෙන් ද ඔහු කරුණු දක්වා තිබේ.

පක්ෂයේ සක්‍රීය සභපති ලෙස සිටියදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදුන් චෝදනා පත්‍රය අනුව ඔහුට විනය පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටින බව අදාළ පැමිණිල්ලෙන් හේරත් ඉල්ලා තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka