අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගැන කිවුවා කියා විපක්‍ෂ මන්ත‍්‍රී CID කැදවයි...
හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ "සලකුණ" දේශපාලන වැඩසටහනට එක්වෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සංශෝධන පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
ඒ අනුව හෙට (12) දින පෙවරුව් 10.00 ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදෙන ලෙස ඔහුට නියෝග කර ඇත.
මෙම කැඳවීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ පවතින රජය "බෝනික්කන්ගේ ආණ්ඩුවක්" බවයි.
ජනවරමකින් බලයට පත් වූ වත්මන් පාලනයේ සැබෑ ස්වරූපය මෙවැනි ක්‍රියාමාර්ග හරහා මැනවින් නිරූපණය වන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගැන කිවුවා කියා විපක්‍ෂ මන්ත‍්‍රී CID කැදවයි...
2026-01-11T15:48:00+05:30
Gossip Lanka Hot News






