gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට නඩු දාන්න සාක්‍ෂි නෑ කියා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ඉල්ලා අස්වෙයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයකදී රුපියල් මිලියන 16.6ක රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇතැයි Sunday Times වාර්තා කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලට අනුව, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතීද නැද්ද යන්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර මෙම මතභේදය හටගෙන ඇති බව ඒහි සදහන්ය.

මෙම විමර්ශන කටයුතු අධීක්ෂණය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා, මතුව ඇති අදහස් ගැටුම් හේතුවෙන් එම වගකීම්වලින් ඉල්ලා අස්වී තිබේ.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධ විමර්ශන ද මෙහෙයවනු ලැබුවේ ඒ මහතා විසිනි.

වික්‍රමසිංහ මහතාට හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලින් අනාවරණය වී නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ මතය වී ඇත.

ප්‍රධාන චෝදනාව සනාථ කිරීමට සාක්ෂි නොමැති පසුබිමක, ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සමන් ඒකනායක මහතාට එරෙහිව නඩු පැවරිය නොහැකි බව පෙන්වා දෙමින් වසන්ත පෙරේරා මහතා නීතිපති පරින්ද රණසිංහ මහතා වෙත පිටු හයක වාර්තාවක් ද ඉදිරිපත් කර ඇතැයිද පුවත්පත කියයි.

කෙසේ වෙතත්, විමර්ශනයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට වෙනස් මතයක් ඉදිරිපත් කර ඇත.

පවතින සාක්ෂි මත හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකි බව ඔහු නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ එම ස්ථාවරය අනුමත කර ඇති බව පැවසේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ, කියුබාවේ සිට නිව්යෝර්ක් හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී බ්‍රිතාන්‍යය හරහා ගමන් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවයි. වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ආරාධනා පත්‍රයක් ලැබුණද නැතත්, එම ගුවන් ගමන් මාර්ගය අනුව බ්‍රිතාන්‍යයේ නැවතීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.

එසේම, බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයෙන් එවූ බව කියන ආරාධනා පත්‍රයේ සත්‍යතාව විමර්ශනය කිරීම සඳහා එංගලන්තයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම, 'අපරාධමය කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත' යටතේ නිසි අවසරයක් ලබා නොගැනීම පිළිබඳව ද ඔහු ප්‍රශ්න කර ඇත.

එම අවසරය නොමැති වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් නිල ප්‍රකාශයක් ලබා ගැනීමට විමර්ශන කණ්ඩායමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

මේ අතර, සමන් ඒකනායක මහතා සම්බන්ධ විමර්ශන උපුටා ගැනීම් විශ්ලේෂණය කළ රජයේ නීතිඥ සමදරි පියසේන මෙනවිය, හිටපු ජනාධිපති ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට පිටු 11ක වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

බ්‍රිතාන්‍යයට ගිය විමර්ශන කණ්ඩායම සිදුකළ වැඩිදුර විමර්ශන වාර්තා ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවද වැඩිදුරටත් පුවත්පත වාර්තා කරයි.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka