gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලදී අපේ අරමුණ හොදයි.. එනිසා අගමැතිවරිය ඉල්ලා අස්වන්නේ නෑ..

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂිත ප්‍රතිසංස්කරණ කිසිසේත්ම අත්නොහරින බවත්, එක් මොඩියුලයක අඩංගු වූ වචනයක දෝෂයක් පදනම් කරගනිමින් සමස්ත ක්‍රියාවලියම විවේචනය කිරීම දේශපාලන අරමුණක් සහිතව සිදු වන්නක් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු හදිසියේ සිදු කරන ලද ඒවා නොව, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සඳහන්ව තිබූ, ජාතික අධ්‍යාපන ආයතනය සහ විශේෂඥයන් සමඟ දීර්ඝ කාලීනව සාකච්ඡා කර සැකසූ වැඩපිළිවෙලක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 

දැනට මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ මොඩියුලය පසුගිය අගෝස්තු මාසයේ සිට ඉංග්‍රීසි ගුරුවරුන් සමඟ සාකච්ඡා කරමින් පවතින එකක් බවත්, එහිදී මතු වූයේ "තාක්ෂණික දෝෂයක්, අක්ෂර වින්‍යාසයේ දෝෂයක් හෝ වචනයක දෝෂයක්" පමණක් බවත්ය. 

මෙම දෝෂය නිවැරදි කිරීමට රජය සූදානම් බවද ඔහු පැවසීය.

අදාළ දෝෂය සිදුවීමට හේතු වූ වගකීම් විරහිත ලෙස කටයුතු කළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඔවුන්ට එරෙහිව ආයතනික මට්ටමින් විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද, මෙම එක් වචනයක දෝෂය පදනම් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට කෙරෙන ප්‍රකාශයන්හි කිසිදු සදාචාරාත්මක පදනමක් නොමැති බව ඇමතිවරයා පෙන්වා දෙයි. 

ප්‍රතිපත්තියක් ලෙස සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම රටට අහිතකර වූයේ නම් එවැනි ඉල්ලා අස්වීමක් සාධාරණ වුවත්, මූලික අරමුණට හානියක් නොවන තාක්ෂණික දෝෂයක් වෙනුවෙන් එවැනි පූර්වාදර්ශයක් අවශ්‍ය නොවන බව ඔහුගේ අදහසයි.

මීට අමතරව, මෙම දෝෂය පදනම් කරගනිමින් මෙරට ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හැකියාව හෝ අවධානය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට උත්සාහ නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. 

ගුරුවරුන් මෙම පොත් පරිශීලනය කළද මෙවැනි දෝෂයක් මගහැරී යාම සාමාන්‍ය තත්ත්වයක් විය හැකි බවත්, එය සමස්ත ගුරු ප්‍රජාවම වැරදි බව කීමට හේතුවක් නොවන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka