රට හොල්ලන විශ්වාස භංගයක් ආණ්ඩුවෙන්ම ගෙනේ.. ඉහලම කෙනෙක් පන්නන්න යයි...
රජයේ ඉහලම නිලධාරියකු එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ගෙන ඒමට රජය පියවර ගනිමින් සිටින බව ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අදාළ නිලධාරියා සම්බන්ධයෙන් ඒල්ල වන චෝදනා කිහිපයකි.
එම කරුණු පදනම් කරගනිමින් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට රජයේ අවධානය යොමුව ඇත.
මේ වන විටත් මෙයට අදාළ නීතිමය පසුබිම අධ්‍යයනය කර අවසන්ව ඇති අතර, අදාළ ලියකියවිලි සකස් කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබේ.
ඉදිරි දින කිහිපය තුළ මෙම කෙටුම්පත සම්පූර්ණ කර ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ අත්සනින් පසුව එය නිල වශයෙන් ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද පැවසේ.
-lankacnews
මේ පුවත තව අයට බලන්න
රට හොල්ලන විශ්වාස භංගයක් ආණ්ඩුවෙන්ම ගෙනේ.. ඉහලම කෙනෙක් පන්නන්න යයි...
2026-01-11T09:30:00+05:30
Gossip Lanka Hot News






