gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළට අද සවස ළඟා වේ

ශ්‍රී ලංකාව ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය  මේ වන විට  මඩකළපුව සිට කිලෝ මීටර් 170ක් පමණ නැගෙනහිරට වෙන්න පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එය වයඹ දෙසට ගමන් කර අද සවස පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

එහි බලපැෑම හෙතුවෙන් දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරු - මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලට වැසි සහ සුළං තත්වය වර්ධනය වේ. 

සුළගේ බලපෑම නිසා තාවකාලික නිවාසවහළ, නිවාස වහළ, වගා බිමි, විදුලි සැපයුම් පද්ධතියවලට හානි සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නැවත දැනුම් දෙනතුරු ගැඹුරු නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට නොයන ලෙසත් ගොස් ඇත් නම් වාහාම ගොඩ බිමට පැමිණෙන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව දැනුම් දෙයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka