gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බාල ගල් අගුරු කලිනුත් ගෙනැත් තියෙනවා.. ලොකු දෙයක් නොවේ..- නලින්ද

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුව ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සම්බන්ධයෙන් දඩ මුදල් අයකිරීමේ ස්ථාපිත ක්‍රමවේදයක් පවතින බවත් එම ක්‍රියාවලිය දැනටමත් ක්‍රියාත්මක වන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

මෑතකදී ආනයනය කරන ලද ගල්අඟුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 

ගල්අඟුරු සමාගමෙන් අය කර ගන්නා වන්දි මුදලට වඩා වැඩි පාඩුවක් රජයට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් දිනකට ගිගාවොට් පැය 2.6ක විදුලි ප්‍රමාණයක් අහිමි වන බවටත් රණවක මහතා චෝදනා කර තිබුණි.

ගල්අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. සාමාන්‍යයෙන් සම්මත ප්‍රමිතිය කිලෝ කැලරි 6150කට වඩා වැඩි විය යුතු අතර, ගල්අඟුරු පටවන වරායේදී සිදුකරන පරීක්ෂණ වාර්තාව එම ප්‍රමිතියට වඩා අඩු නම් එම ගල්අඟුරු කිසිසේත්ම භාර නොගන්නා බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, ලංකාවට ගොඩබෑ පසු සිදුකරන පරීක්ෂණවලදී ප්‍රමිතිය අඩුවුවහොත් කිලෝ කැලරි 5900ට වඩා අඩු නම් දඩය දෙගුණයක් කිලෝ කැලරි 5900ත් 6150ත් අතර නම් එක් වතාවක දඩයක් කිලෝ කැලරි 6150ට වඩා වැඩි නම් එය ප්‍රමිතියට අනුකූල සේ සලකා භාර ගන්නා බවත් ඔහු පැවසීය.

මෑතකදී ආනයනය කළ ගල්අඟුරු පළමු තොගය (මෙට්‍රික් ටොන් 60,000)කිලෝ කැලරි ප්‍රමාණය 5520ක් වූ බැවින් දෙගුණයක දඩයක් අය කිරීමට පියවර ගෙන ඇති බවත් දෙවන තොගය කිලෝ කැලරි ප්‍රමාණය 6017ක් වූ අතර එය අදාළ පරාසය තුළ පවතින බැවින් භාරගෙන ඇති බවත් තෙවන සහ සිව්වන තොග සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇති අතර ඒවායේ වාර්තා මත පදනම්ව තීරණ ගනු ලබන බවත් ඒ මහතා සදහන් කලේය.

මෙය අලුත් තත්ත්වයක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මීට පෙර වසරවලදීද ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු වෙනුවෙන් විශාල වශයෙන් දඩ මුදල් අය කර ඇති බව පෙන්වා දුන්නේය.

යම් හෙයකින් අදාළ ගල්අඟුරු භාවිතයට නුසුදුසු මට්ටමේ පවතී නම් ඒවා ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, වත්මන් දඩ මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට යමෙකු තර්ක කරන්නේ නම් ඒ පිළිබඳව වෙනම සාකච්ඡා කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka