gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති අතින් වැඩ ඇරඹු නිවාසවල කුණාටු ආධාර චෙක් රිටන් වෙයි..

රාජාංගනය ප්‍රදේශයේ සුළි කුණාටුවකින් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා අතින් පිරිනැමූ ආපදා වන්දි චෙක්පත් රැසක් අගරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා පවසයි. 

ජනාධිපතිවරයා රාජාංගනයට පැමිණ, විපතට පත් වූ පළමු නිවස ඉදිකිරීම සඳහා මුල් ගල තබා ලබා දුන් වන්දි චෙක්පත පවා මේ වන විට අගරු වී ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ රාජාංගනයේ පූර්ණ හානි වූ නිවාස 17ක් සඳහා ජනාධිපතිවරයා අතින් ලබා දුන් කිසිදු චෙක්පතක් මේ දක්වා මුදල් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

මීට අමතරව, අර්ධ හානි වූ නිවාස 200ක් සඳහා නිකුත් කළ චෙක්පත් සම්බන්ධයෙන් ද ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ඔහු සඳහන් කළේය.

මෙම ගැටලුව පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසීමේදී අනාවරණය වී ඇත්තේ, ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් අවශ්‍ය නිසි ලේඛන කටයුතු සම්පූර්ණ කිරීමකින් තොරව කඩිමුඩියේ මෙම චෙක්පත් නිකුත් කර ඇති බවයි. 

කිසිදු සැලසුමකින් තොරව ජනතාවට බොරු පොරොන්දු ලබා දී ඇති බව පවසන මන්ත්‍රීවරයා, බැංකුවට ගිය විට එම චෙක්පත් සඳහා ගෙවීම් නතර කර ඇති බව ජනතාවට දැන ගැනීමට ලැබී ඇතැයි ද පැවසීය.

රජය විසින් සිදු කරනු ලබන මෙවැනි ක්‍රියා හුදෙක් මාධ්‍ය සංදර්ශන පමණක් බවත්, නිසි ක්‍රමවේදයකින් තොරව උත්සව පවත්වා චෙක්පත් බෙදා හැරීම හරහා ජනතාව රවටා ඇති බවත් සුරංග රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka