gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උපවාස කර මැරුණත් අපිට අදාල නෑ..- ගුරු උපවාසයට ආණ්ඩුවෙන් පණිවුඩයක්..

මෙරට ඉතිහාසය තුළ ආහාර වර්ජනයක් හේතුවෙන් පුද්ගල මරණ වාර්තා වී නොමැති බවත්, එවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදු වුවද එහි වගකීම භාර ගැනීමට රජය බැඳී නොමැති බවත් පාසල් සංවර්ධන නිලධාරීන් ජනාධිපති කාර්යාලය අභියස දියත් කර ඇති මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පැවසීය.

මෙරට තුළ උපවාසයකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු පමණන් යයිද නිපුනආරච්චි මහතා පෙන්වා දෙයි.

වසර හතක කාලයක් පාසල් පද්ධතියේ සේවය කර ඇති තමන් ගුරු සේවයට ඇතුළත් කිරීම සඳහා රජය යෝජනා කර ඇති තරග විභාගය ප්‍රතික්ෂේප කරමින්, ගුරු සංවර්ධන නිලධාරීන් කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය ක්‍රියාත්මක වේ. 

වසර ගණනාවක් පන්තිභාර, අංශභාර සහ නියෝජ්‍ය විදුහල්පති වැනි වගකිවයුතු තනතුරු පවා දරමින් සිදුකළ සේවය ඇගයීමට ලක් කරන ලෙසත්, තරග විභාග වෙනුවට ප්‍රායෝගික පරීක්ෂණයක් හරහා තමන් ගුරු සේවයට අනුයුක්ත කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

ලංකා පාසල් සංවර්ධන නිලධාරි සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා අවධාරණය කරන්නේ ගුරු සේවයට ඇතුළත් කර වසර තුනක් ඇතුළත අවශ්‍ය පශ්චාත් උපාධි සුදුසුකම් සපුරාලීමට තමන් සූදානම් බවයි. 

උපවාස භූමිය අවට පොලිස් ආරක්ෂාව ද තර කර තිබේ. 

තම සේවා කාලය සැලකිල්ලට ගෙන සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් සටන අත්නොහරින බව සංගමය වැඩිදුරටත් පවසයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka