gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේක විශ්වීය දහමක්.. බෞද්ධයා යාපනයට රැගෙන ගියේ වෛරය නොව සෙනෙහසයි.. පොඩි මිනිසාට දිලිත්ගෙන් පාඩමක්..

ශ්‍රී මහබෝධිය පසුකරමින් බෞද්ධයා යාපනයට රැගෙන ගියේ, වෛරය නොව සෙනෙහස බව සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
දොම්පේ කපුගොඩ ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් පැවසුවේ, ජනාධිපතිවරයා පෙරේදා (16) යාපනයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු බවයි.

“ස්වාමීන් වහන්සේලා ගැන එක්තරා දේශපාලනඥයෙක් විවේචනය කරනවා මම දැක්කා. අපේ හාමුදුරුවරුන් ගැන ඔහු මොනවාද දන්නේ.? හාමුදුරුවරු කරන කැප කිරීම ගැන. අපේ ජනතාව නාගදීපයට ගියේ රුවන්වැලි සෑය පසුකරගෙන ශ්‍රී මහා බෝධිය පසුකරගෙන ගියේ වෛරයෙන් නෙවෙයි සෙනෙහසින්. උතුරට ගෙනිච්චේ වෛරය නෙවෙයි, සෙනෙහස. 

මම ආරාධනා කර සිටිනවා ඔය කියන සියලු දෙනාට යාල්දේවි කෝච්චියට නගින්න. කෝච්චියේ යනකොට අපේ මිනිස්සු කොහොමද යාපනයේ මිනිස්සු එක්ක සුහදව කෑම බෙදාගන්නේ. විශේෂයෙන්ම වන්දනාවේ යන අය, නාගදීපයේ යන අය. කොච්චර සෙනෙහසක් තියෙනවා ද.? 

නාගදීපයේ ස්වාමින් වහන්සේ අපේ මිත්‍රයෙක්. උන්වහන්සේ දන්නවා කෙතරම් සෙනෙහසක් බෙදා දෙනවා ද බුදු දහමේ එන අයුරින්ම.

උපතින් කවුරුත් වසලයෙක් වෙන්නෙවත්. බ්‍රහ්මණයෙක් වෙන්නෙවත් නැත්නම් උපතින් කවුරු හරි සිංහලයා වෙනවා ද්‍රවිඩයා වෙනවා කියලා වෙනසක් අපේ දහමේ කියලා නැහැ. 

මේක විශ්වීය දහමක්. මෛත්‍රීය පතුරන දහමක්. මෙහි වෛරයක් කොහෙවත් නැහැ. මේ සහසික ප්‍රකාශය ඔහු වහා ඉවත් කරගත යුතුයි. මෙය වෛරී ප්‍රකාශයක්. ජාතිවාදි ප්‍රකාශයක්. ඉල්ලා අස්කරගෙන. සමාව අරගෙන, ජාතියට ප්‍රකාශ කරන්නට මේ රටේ ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. මම හිතනවා, ඔහු ඒ යුතුකම වහාම ඉටු කරයි කියලා.”
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka