gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මොඩියුලය අවුල් කල අය සොයා ජනපතිගෙන් මෙහෙයුමක්!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව චෝදනා එල්ල වන ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ගුරු විදුහල්පති සමිති සන්ධානයේ නියෝජිතයන් සමග ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එම සමිති සන්ධානය සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (13 වැනිදා) පැවැති සාකච්ඡාවේදීය.

එම නිලධාරීන්ට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තා ද ගුරු සංගම් නියෝජිතයන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙන අතර එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාළ වාර්තා සියල්ල ලබා ගත් බව ය. ඒ අනුව අවශ්‍ය කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මේ අතර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වන බව පෙන්වා දී ඇති වෘත්තීය සංගම් නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂා කරන ලෙස ද ඉල්ලා ඇත.

හය ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ අත්හිටුවා ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවකින් පසු ලබන වසරේ සිට එම ක්‍රියාවලිය ආරම්භ කරන බව මෙහිදී පවසා ඇති ජනාධිපතිවරයා එක ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ සැලසුම් කර ඇති පරිදි ආරම්භ කරන බවත් සඳහන් කර ඇත. හය ශ්‍රේණියේ සිසුන්ට මොඩියුල වෙනුවට පෙළපොත් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

එමෙන් ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් හය ශ්‍රේණියේ සිසුන් සඳහා වන කාලච්ඡේද හතකින් යුත් කාලසටහන සංශෝධනය කර පෙර පරිදිම කාලසටහන කාලච්ඡේද අටකට සකක් කරන බවත් ජනාධිපතිවරයා වෘත්තීය සංගම් නියෝජිතයන්ට දන්වා ඇත.

අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය ද මෙම සාකච්ඡාවට එක්ව සිට ඇති අතර ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය හා ජාතික විදුහල්පති සංගමය ඇතුළු එම සන්ධානයට අයත් වෘත්තීය සංගම්වල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගි වී තිබේ.

- Aruna
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka