gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරිනිට එරෙහි අපහාසාත්මක ප්‍රචාර හෙළාදකිමින් විද්වත්තු පිරිසක් ප්‍රකාශයක් නිකුත්කරති

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව අපහාසාත්මක සහ පෞද්ගලික ප්‍රහාර එල්ලකිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරය හෙළාදකිමින් විද්වතුන්, වෘත්තිකයන් සහ සිවිල් සමාජ සාමාජිකයන් පිරිසක් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෙම ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ශිෂ්ටත්වයේ සහ විනීතභාවයේ සීමාවන් ඉක්මවා ගොස් ඇති බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

අගමැති අමරසූරිය ජාතික හා අන්තර්ජාතික වශයෙන් ගෞරවනීය කාන්තා දේශපාලන නායිකාවක් වන බැවින් බොහෝදෙනෙක් ස්ත්‍රී විරෝධී ඊර්ෂ්‍යාව, වෛරය සහ සතුරුකමෙන් ඇයට ප්‍රහාර එල්ලකිරීමට පෙළඹී ඇති බව එම ප්‍රකාශය සඳහන් කරයි.

ඊට අත්සන් පිරිස අය මෙම අපහාසාත්මක ව්‍යාපාරය දැඩි ලෙස හෙළාදකින අතර, ප්‍රතිගාමී කොටස්වල ප්‍රචාරණයෙන් නොමඟ නොයන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සකස් කරන ලද පාසල් පෙළපොතක බරපතල, නමුත් වළක්වාගත හැකි දෝෂයක් පිළිබඳ වාර්තාවී ඇති බව ඔවුහු පිළිගන්නා නමුත්, අග්‍රාමාත්‍යවරියට එරෙහි සංවිධානාත්මක වෛරී ව්‍යාපාරය විසම්මුතියේ සහ විරෝධතාවේ සදාචාරාත්මක සීමාවන් උල්ලංඝනය කරන බවත්, ඇයගේ ගෞරවය සහ පෞරුෂය උල්ලංඝනය කරන බවත් අවධාරණය කෙරේ.

ලෝකයේ පළමු කාන්තා අගමැතිනිය සහ ශ්‍රී ලංකාවේ පළමු කාන්තා ජනාධිපතිනිය ඇතුළු ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන නායිකාවන් ඓතිහාසිකව සමාන ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ අපයෝජනයන්ට මුහුණ දී ඇති බවද එම ප්‍රකාශයේ පෙන්වාදී ඇත.

මෙම ප්‍රකාශය මගින්, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ සහ සමලිංගික ප්‍රහාරවල නියැලී සිටින අයගෙන්, ඔවුන්ගේ ව්‍යාපාරය අවසන් කරන ලෙස ඉල්ලා සිටින අතර, එය පුරවැසියන් විසින් අගය කරන ප්‍රජාතන්ත්‍රවාදී සහ මානවවාදී වටිනාකම් වලට හානි කරන බව ඔවුහු පවසති.

මෙම ප්‍රකාශය ඇතුළුව පුද්ගලයන් 58 දෙනකු විසින් අත්සන් කර ඇත.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ
මහාචාර්ය ජගත් වීරසිංහ
ආචාර්ය ගාමිණී විජේසූරිය
ආචාර්ය රාධිකා කුමාරස්වාමි
ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන්
මහාචාර්ය උත්පලා ඒ. ජයවර්ධන
මහාචාර්ය අන්බහාන් ආරියදුරෙයි
මහාචාර්ය නීරා වික්‍රමසිංහ
මහාචාර්ය ෆර්සානා හනිෆා
මහාචාර්ය ප්‍රින්ස් ජෙයදේවන්
මහාචාර්ය Vivemarie Vanderpoortan
මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු
මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න
මහාචාර්ය කාංචන එන්. රුවන්පුර
චරිත් ගුණවර්ධන
විදුර මුණසිංහ
සඳුන් තුඩුගල
ප්‍රියන්ති ප්‍රනාන්දු
භවානි ෆොන්සේකා
ජනහා සෙල්වරස්
ආචාර්ය මහේන්ද්‍රන් තිරුඅරංගන්
ආචාර්ය අමාලි වෙදගෙදර
ආචාර්ය ත්‍යාගරාජා වරදාස්
ආචාර්ය අතුලසිරි සමරකෝන්
ජීවසුතන් ආචාර්ය එස්
ආචාර්ය කෞෂල්‍යා කුමාරසිංහ
ආචාර්ය දිලීප විතාරණ
ආචාර්ය සිතුමිණි රත්නමලල
ආචාර්ය එස්. අරිවල්සාහන්
ආචාර්ය මරියදාස් ඇල්ෆ්‍රඩ්
ආචාර්ය එන්.වරතන්
ආචාර්ය කෞෂල්‍යා පෙරේරා
ආචාර්ය ක්‍රිස්ටල් බේන්ස්
Ermiza Tegal
වංගීස සුමනසේකර
ශ්‍රීන් අබ්දුල් සරූර්
සරලා එමානුවෙල්
හිරන්‍යද දේවසිරි
විමල් සාමිනාදන්
ඉංජිනේරු එම් සූරියසේගරම්
ශිරානි මිල්ස්
ආචාර්ය චූලනි කොඩිකාර
රොබට් කෲස්
රුකී ප්‍රනාන්දු
ආචාර්ය ප්‍රදීප් පීරිස්
මහාචාර්ය නෙලූෆර් ද මෙල්
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
වෛද්‍ය රමේෂ් රාමසාමි
ආචාර්ය සුසන්ත බස්නායක
වෛද්‍ය ශාමල කුමාර්
මහාචාර්ය පවිත්‍රා කෛලාසපති
ආචාර්ය මධුභාෂිනී රත්නායක
ආචාර්ය මොහොමඩ් ෆාසිල්
ආචාර්ය කේ.ඩී දුෂාන්ති ද සිල්වා
ඩීන් උයන්ගොඩ
නෙහාමා ජයවර්ධන
වී කමලසිරි
මහාචාර්ය එම්.ඒ.එෆ්. ඉබ්‍රාහිම්

මෙම සාමූහික ප්‍රකාශය, අගමැති හරිනි අමරසූරියගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අපවාද තරයේ ප්‍රතික්ෂේප කරන අතරම, දේශපාලන කතිකාවේදී විනීතභාවය, වගවීම සහ ගෞරවය ඉල්ලා සිටීම අවධාරනය කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka