gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව නව වසරේ වැඩ අල්ලයි… බාල අඟුරු ටෙන්ඩරෙන් රු. කෝටි 1000ක් ගහනවා.. - මන්ත්‍රී ඩී.වී. චානක

ලංකාවට ගල් අඟුරු ගෙන ඒමට ගජ මිතුරු සමාගමකට කූට ලෙස ටෙන්ඩරය ලබා දී ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වා රු. කෝටි 1000ක වංචාවක් සිදුකර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

මෙම ටෙන්ඩරයට අදාළ ගල් අඟුරු නෞකා දෙකක් මේ වන විට ලංකාවට පැමිණ ඇති බවත් එම ගල් අඟුරු නියමිත ප්‍රමිතියට නොමැති බව ලක්විජය බලාගාරයේ පර්යේෂණාගාරය වාර්තා හතරක් මගින් තහවුරු කර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම වාර්තා ඇමති කුමාර ජයකොඩි පිළිනොගන්නා බව සඳහන් කළ ද එම අඟුරු දහනය කළ විට එය තහවුරු වී ඇති බව ද ඔහු සඳහන් කරයි. පැයකට මෙ.වො. 300ක විදුලි බලයක් නිෂ්පාදනය සඳහා සාමාන්‍යෙයන් ගල් අඟුරු ටොන් 107ක් වැය වුව ද මෙවර ගෙන ආ ගල් අඟුරු ටොන් 120ක් ඒ සඳහා අවශ්‍ය බව ද ඩී.වී. චානක අනාවරණය කරයි. ඒ අනුව පැයකට අදාළ විදුලිය නිපදවීම සඳහා වැඩිපුර ගල් අඟුරු ටොන් 13ක් වැය වෙයි.

මේ නිසා දිනකට පැය 24ම ලක්විජය බලාගාරයේ බොයිලේරු තුනම වැඩ කළහොත් ටොන් 936ක් ද වසරකට නැව් හයක් ද වැඩිපුර ගල් අඟුරු රටට ගෙන ඒමට සිදුවන බවත් මේ සඳහා රු. කෝටි දහසක් වැඩිපුර ගෙවීමට සිදුවන බව ද ඩී.වී. චානක ප්‍රකාශ කරයි.

මෙම ගල් අඟුරු ආනයනයට අදාළ සමස්ත ටෙන්ඩර් ක්‍රියාවලියම දූෂිත බවත් ගල් අඟුරු නැව දකුණු අප්‍රිකාවෙන් පැමිණිය ද ඊට අදාළ පර්යේෂණාගාර වාර්තාව පැමිණ ඇත්තේ ඉන්දුනීසියාවෙන් බව ද ඔහු වැඩි දුරටත් අනාවරණය කරයි.

අද (07) පාර්ලිමේන්තුව අමතමින් ඩී.වී. චානක මේ බව කීය.

උපුටා ගැනීම - emanisa

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka