gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තවත් ආධාර තොගයක් වජිර ඉල්ලයි.. බිත්ති හදන්නත් ආධාර ඉල්ලයි

ආපදා තත්ත්වයක් පවතින අවස්ථාවකදී රාජ්‍ය සේවකයන්ට, විශේෂයෙන්ම ක්ෂේත්‍ර නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබා දිය යුත යයි එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇත. 

එම යෝජනා අතරට පහත සඳහන් කරුණු ඇතුළත් වේ.

*පීඩාවට පත් ග්‍රාම සේවා කොට්ඨාස සඳහා සහන සැලසීම සහ ව්‍යාපාරිකයන් සඳහා මාස හයක කාලයක් වෙනුවෙන් පොලී රහිත බැංකු ණය සහ ලීසිං සහන ලබා දීම.

*අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා වන්දි තීරණය කිරීම සහ සම්පූර්ණයෙන් හානි වූ නිවාස සඳහා අවම හා උපරිම වන්දි සීමාවන් නියම කිරීම.

*හානියට පත් නිවාස බිත්ති නැවත ගොඩනැගීම සඳහා වර්ග අඩි ප්‍රමාණයට සමානුපාතිකව මූල්‍ය ආධාර සැපයීම.

*ගොවීන් සඳහා බෝග හානි වෙනුවෙන් සහන ලබා දීම.

*හානියට පත් දේපළ යළි ගොඩනැගීම සඳහා නව වැලි පොලවල් වලින් වැලි මුදා හැරීමට අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන්ට බලය පැවරීම.

*අනවශ්‍ය නීතිමය ආරවුල් වළක්වා ගැනීම සඳහා වැලි නිස්සාරණය හා ප්‍රවාහනය සම්බන්ධ සීමා ලිහිල් කිරීම.

අබේවර්ධන මහතා සඳහන් කළේ ආපදා කළමනාකරණ කටයුතු කාර්යක්ෂම කිරීමට සහ පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීමට මෙම යෝජනා අත්‍යවශ්‍ය බවයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka