gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෝඩිමේ යාළුවන් ලේකම්ලා කරගෙන අනුර ඊළග ජනාධිපතිවරණයටත් එන්නයි හදන්නේ...- ලන්ඩන් මිත‍්‍රයා

විධායක ජනාධිපති දුරය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි ජනාධිපති අනුර දිසානායක මහතා ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීමට සූදානම් වන බව ජනාධිපතිවරයාගේ මිත්‍රයකු වන එංගලන්තයේ වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරුකුරුසූරිය මහතා සඳහන් කරයි.
පළාත් සභා මැතිවරණයට අයවැයෙන් මුදල් වෙන්කලත් පළාත් සභා පවත්වන්නේ නැති ඒ පරදින බව දන්නා නිසා බවත් හෙතෙම කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

චෝදනා රැසක් එල්ල කර ඇති එම සම්පූර්ණ  සටහන  මෙසේය.

අනුරට මම මේව ප්‍රසිද්ධියේ ලියන්න පෙරත් කියල තියෙන්නෙ. ජනාධිපති වෙලා මට කතා කරපු දවසෙත් කිව්ව​, දැන් ජනාධිපති ෆෝන්, ඊමේල් හරියට පාවිච්චි කරන්න​, අනිත් පැත්තෙ කතාකරන කෙනා රෙකෝඩ් කරනවද දන්නෙත් නැහැ. දැන් ටෙක්නොලජි එක සම්පූර්ණයෙන්ම වෙනස් කියලා. 

ඒ කතා පැත්තකින් තියමුකො. නමුත් දකුණු ආසියාවට සුනාමි ආවම ඒකට පරක්කු වෙලා රෙස්පොන්ඩ් කිරීම සහ​ අධාර දීම පරක්කු වීම ගැන කුපිත වෙච්ච ස්වීඩනයේ ගවේශනාත්මක ජනමාධ්‍යවේදියෙක් අගමැතිගෙ පෞද්ගලික සහ රාජකාරී කමියුනිකේෂන්ස් ඉල්ලල එරට තොරතුරු දැනගැනීමේ පනත යටතෙ තොරතුරු ඉල්ලපුවම වෙච්ච දේ තමයි මම යට ලියල තියෙන්නෙ. මම එයාව කල්ම විශ්ව විද්‍යාලයට ගිය කාලෙ හමුවෙලා තියෙනව. ඒවට ධෛර්යමත් පුරවැසියො ඉන්න ඕන​. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල නම් ඕන තරම් පුරවැසියො ඉන්නව ඒවට. නමුත් ලංකාවෙ පනත තිබ්බට පුරවැසියො අඩුයි. 

ලංකාවෙත් තියෙන්නෙ ලෝකෙ හොඳම තොරතුරු දැනගැනීමේ පනත් කීපයෙන් එකක්. ඉස්සරහට ජනාධිපති අනුරටත් මේ ප්‍රශ්ණයට රටේ රාජ්‍ය නායකයා හැටියට මුහුණ දෙන්න වෙනව​, අල - ගොවි ප්‍රශ්ණ වලට දක්වපු ප්‍රතිචාර වල සිට මේ ව්‍යසනය එයා කලින් දැනගෙන හිටියද නැද්ද කියන එකට​. ඒව ඉස්සරහට වෙයි. 

ඒත් කණගාටුවට කරුණ ජනාධිපතිකම අහෝසි කරනව කිව්වට එයා දෙවෙනි පාරටත් ඉල්ලන්න හදන්නෙ. ඔය පලාත් සභාවලට එයා බජට් එකෙන් සල්ලි වෙන් කළා කියල පාර්ලිමේන්තුවට ඇවිත් ටෝක දුන්න වෙලාවෙත් මා කිව්වෙ පලාත් සභා මේ කපේ තියන්නෙ නැහැ කියල​. පරදිනව කියල දන්නව!​

දුක තමා අනුර ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලන කොට ඒව බලන් ඉන්න වෙන එක​. මේ යට පින්තූරෙ මම ලියල තියෙන දේත් කියවගන්න​. පනත එච්චර ශක්තිමත්. ඔයා RTI කොමිසමට පරක්කු වෙලා වෙලා හෙංචයියෙක් දැම්මට​, RTI කොමිසමට අවශ්‍ය නිලධාරීන්, සම්පත් නොදුන්නට​, පනත නැතත් තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් කියල ව්‍යවස්ථා සංශෝධනයකුත් තියෙනව​. ඒක තමා අපි යහපාලන​ කාලෙ දිනාගත්ත එකම දේ. අනුර පව් ඉතිං! 

එයාට කෙලින් දේවල් කියන්න ඕන අය ඉන්න ඕන එයා ළඟ​. එහෙම අය නැහැ එයාට​. මම කිව්ව පක්‍ෂ බේදයකින් තොරව​ ඔස්ටින් ප්‍රනාන්දු වගේ අය සිට දැනට ජීවතුන් අතර ඉන්න පරණ දක්‍ෂ අයව ගෙනත් සතියකට දවසක් දෙකක් ඇවිත් වැඩ කරල​, දොර වහගෙන අනුරට මුහුණටම වෙන දේවල් ගැන කියන්න පුළුවන් ක්‍රමයක් හදන්න කියල​. ඒ අයට ජනාධිපති ලේකම් කාර්යයාලයේ හරි කොහෙ හරි කාමරයක් දෙන්න​, කෝපි එකක් වගේ දෙන්න හදන්න කියල​. ඒ අය සතපහකවත් මුල්‍යමය හෝ වෙන කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන අය නෙමෙයි. ඔස්ටින්ව නම් තනියම දවස් දෙකක් හමුවෙලා තිබුණට ඒ පරණ අය එකතු කරල ඒ වැඩේ කළේ නැහැ. 

ඒකනෙ 2005 ව්‍යසන කළමණාකරන පනත ගැනවත් නොදැන හිටියෙ, පෙරේද පාර්ලිමේන්තු ඇවිත් පනත ශක්තිමත් නැහැ කියල පොර ටෝක දුන්නට​. එහෙම නම් ගිය අගෝස්තු මාසෙ ව්‍යසන කළමාණකරනය සඳහා වූ ජාතික සභාව කැඳවපු වෙලේ මොකටද කලින් තිබ්බ සැලැස්මම ක්‍රියාත්මක කරනව කියල ඒක ස්ථිර කළේ? බයිල ගහන්න එපා ජනාධිපති මහත්මයා. ඒකෙ මිනිට්ස් කියවන්න​. අඩු ගානෙ එදා ගත්ත තීරණ කීයක් ක්‍රියාත්මක​ කළාද​? දැන් ඉතිං දත්ත නැහැ කියල ඔප්පු කරන්න රට වටේ යනව​. ඕව ගොං පාට්!

ඔය සල්ලි දීල තියන් ඉන්න උපදේශකයො ගොබ්බයො. මේවයි දැනගන්න ඕන​. මේවයි ඒ අයට දැනුම තියෙනව නම් නිතර නිතර මතක් කරල දෙන්න ඕන​. බෝඩිමේ යාලුවොන්ට ලේකම්කම් දුන්නට​, ඒ ලේතමාට උපදෙස් දෙන්නත් කී දෙනෙක් දාගෙනද ඉන්නෙ! ඒවත් මහජන මුදල් හරිද​. මම සුමානයක් බිසී වෙනව​. ඊට පස්සෙ මම අනුර වරද්දගත්ත ඒව ගැන ලියන්නම්.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka