gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

76 වසරක සාපය අවසන් කරන්න ආ මාලිමාවේ කරුමය තව පෝය කිහිපයකින් අවසන් වෙනවා!

ජනතා පෙරමුණ මහරගම පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා හා නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා හා විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම මහතා මාධ්‍ය හමුව සඳහා සහභාගි විය. 

එහීදි පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මාලිමා ආණ්ඩුව දැවැන්ත දේශපාලන පරාජයක් ලබමින් දේශපාලන පසුබැසීමකින් මේ වනවිට කටයුතු කරන බවය. එය සිදුවුයේ පසුගිය පළාත් පාලන ඡන්දයත් සමගය. පසුගිය පළාත් පාලන ඡන්දයේ දී ජනතාව මාලිමාව ගැන තිබු අසීමිත බලාපොරොත්තු සීඝ්‍ර ලෙස කඩාගෙන වැටුනා. මාලිමාවට ඔවුන්ට බලාපොරොත්තු වුනු සභිකයින් සංඛ්‍යාව පත් කර ගන්න වුනේ නෑ.ඒ වගේම සභාවන්හි තනි බලය ලැබුනේත් නෑ. ඒ නිසා තනි බලය නොලබුන සභාවන් හි මාලිමාවේ පාපිසි නායකයින් පළාත් පාලන පනතේ වගන්ති අවභාවිතා කරලා විපක්ෂයට බහුතරයක් තිබුනත් ඒ සභාවන් හි බලහත්කාරයෙන් මාලිමා සභා පිහිටුවීම සිදු කලා.

ඒකට විශාල රුකුලක් වගේම වැරදි  පූර්වාදර්ශයක්  දුන්නා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාගරිකා මැතිණිය. ඒ නිසා බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ  සිතාවක ප්‍රාදේශිය සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක  විපක්ෂයේ මන්ත්‍රිවරුන් විවෘත ඡන්දයක් තියන්න කියද්දි පළාත් පාලන කොමසාරිස්තුමිය විසින් සිදු කලේ රහස් ඡන්දයන් තබමින් අභිමතය පරිදි නීතිය නවමින් කටයුතු කිරිමය. නමුත් අද මාලිමාවට එය පාරාවලල්ලක් වෙලා තියෙනවා. රහස් ඡන්ද තියලා පළාත් පාලන ආයතන පිහිටුවු සෑම ආයතනයකම වාගේ අයවැය පරාද වෙමින් පවතිනවා. මාලිමා ආණ්ඩුවේ දැවැන්තම පරාජය තමා කොළඹ නගර සභාවේ අයවැය පරාජය වීම. මේ කොළඹ නගර සභාවේ ආණ්ඩු පක්ෂයට සුලුතරයක් තියෙද්දි විපක්ෂයේ බහුතරය විවිධ වරප්‍රසාද වරදාන ලබා දිලා ස්වාධින මන්ත්‍රිවරුන්ට දැඩි බලාපොරොත්තු ලබා දිලා අල්ලස් ලබා දීලා තමා මාලිමා ආණ්ඩුව විසින් කොළඹ නගර සභාවේ බලය තහවුරු කලේ. ඒත් අද මොකද වෙලා තියෙන්නේ. අද ඒ මන්ත්‍රි වරු ස්වාධින තීරණයක් අරගෙන තියෙනවා. රහස් ඡන්දයේ දී මාලිමා ආණ්ඩුවට උදව් කලාට අද ඔවුන් අයවැයේ දී විවෘතව අත උස්සලා කොළඹ නගර සභාව ඇතුළු නගර සභා ප්‍රාදේශිය සභා වල අයවැය දැන් පරාජය වෙමින් යනවා. ඒ නිසා දැන් මේතුලින් පෙන්නේ සමාජ දේශපාලන තත්ත්වය . ජනතාව දැඩි කළකිරීමක ඉන්නේ ඔවුන්ට දුන්නු එකම පොරොන්දුවක් වත් ඉෂ්ඨ කලේ නෑ. ජනතාව දැන් තමන්ගේ ප්‍රෙද්ශයේ ඉන්න විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට කියනවා ගිහිල්ලා ආණ්ඩුවට සහය දෙන්න එපා පළාත් පාලන ආයතන වල අයවැය පරාජය කරන්න කියලා. ඒ නිසා තමයි මන්ත්‍රිවරුන් ස්වාධිනව අත උස්සලා ඡන්දය දිලා මේ අයවැය පරාජය කරන්නේ.

අපිට ආරංචි කොළඹ නගර සභාවේ පසුගිය නගර සභාව පිහිටුවන අවස්ථාවේ ඒ සඳහා සම්පුර්ණ සක්‍රිය දායකත්වය දුන්නේ වටගල ශුරින්. නමුත්  වටගල ශුරින්ට මේ පාර බේරගන්න බෑ මොකද වටගල ශුරින් දුන් පොරොන්දු ඉටු කරනැති නිසා මේ පාර මේ වැඩේ අතට ගත්තේ ජනාධිපතිතුමන්ය. ජනාධිපතිතුමන් සමහර මන්ත්‍රිවරුන් කැදවලා නත්තල් තෑගි දීලා, පිටට තට්ටුවක් දාලා කන්න බොන්න දීලා අපි බලාගන්නම් සහෝදරයා කියලා එතුමා උත්සහා කලා කොහොමහරි කොළඹ නගර සභාවේ අයවැය ජයග්‍රහණය කරන්න. හැබැයි ජනාධීපතිතුමා දන්නේ නෑ එතුමාගේ බොරු වලට මේ රටේ ජනතාව රැවටුනු කාලය ඉවරයි කියලා. ඒ නිසා තමයි කොළඹ නගර සභාවේඅයවැය පරාජය කරන්න හැකි වුනේ. ඒ නිසා ජනාධිපතිතුමන්ට කියනවා සාගරිකා තියරිය දැන් ඉවරයි. බලහත්කාරයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධිව පිහිටවපු පළාත් පාලන ආයතන වල අයවැය දිනන්න අවශ්‍ය නම් ජනාධිපතිතුමන්ට කරන්න වෙන්නේ පළාත් පාලන පනත සංශෝධනය කරලා අයවැයේ දී කැමති නම් ඡන්දය රහද් ඡන්දයක් ලෙස පාවිච්චි කල හැකිය කියලා ඇතුලත් කිරීම පමණි. අන්න එහෙම නම් පුළුවන් ඔබතුමාට වරදාන වරප්‍රසාද දෙනවා කියලා අයවැය ගොඩදාගන්න . එහෙම නැති වුනොත් මෙය සම්පුර්ණයෙන්ම බලහත්කාරයෙන් සභා පිහිටවපු තැන් වල අයවැය පරාජය වීම නවත්තන්න බෑ. මේ තමයි "බල සුභ නිමිති පෙරමග සළකුණු " කියන්නේ. මේ රටේ 76 වසරක සාපය අවසන් කරන්න බලයට ආපු මාලිමාවේ කරුමය තව අවුරුද්දක් වෙසක් පෝයක් වැනි කාලයක් තුල අවසන් වෙනවා යැයි කියන සුබ පණිවිඩය තමා මේ පළාත් පාලන අයවැය පරාජය විම තුලින් අපිට පෙන්නේ.

නමුත් වසන්ත සමරසිංහ අමාත්‍යතුමා කියනවා අයවැය පරාජය වුනාට කමක් නෑ අපි දෙවන පාරත් අයවැය ගේනවා ඒ වගේම පනත අනුව අපි කටයුතු කරනවා කියලා. ඒ හින්දා ජනාධිපතිතුමනි සදාචාරාත්මකව ලැජ්ජ විය යුතුයි. අයවැය පරාජය වුනානම් ඒ සභාපතිවරු,නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕන. විපක්ෂයට බහුතරයක් ඇති තැන්වල ඒ විපක්ෂයේ සභාපතිවරු නගරාධිපතිවරු පත් කරගෙන කටයුතු කරන්න දෙන්න ඕන. දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව ඉන්න සභාවල් වල අද තත්ත්වය ඉතාමත් ශෝකජනකයි. අයවැය පරාජය වුනු මාලිමා ආණ්ඩුවේ පාපිසි හාල් කෑලි  අයින් කරලා විපක්ෂයේ සිටින විශ්වාසය දිනා ගන්නා ලද නායකයින්ට සභාවේ කටයුතු කරගෙන යන්න ඉඩදෙන්න කියලා අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපි දැක්කා සිස්ටම් වෙනස් කරන්න ආපු මාලිමා පාපිසි 159 දෙනා නීතිය නමනවා ලොවෙත් නැති වෙන්න. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටයි. විපක්ෂයේ අයටයි විතරයි. මාලිමාවේ පාපිසි  159 දෙනාටත් පළාත් පාලන මන්ත්‍රිවරුන්ටත් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. තාමත් රන්වල මහත්තයා සම්බන්ධයෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. රන්වල මහත්තයා බීලා ගිහින් අහිංසක කාන්තාවක් හප්පලා,දරුවන්ගේ ඔලු පලලා,මෙච්චර අපරාධයක් කරලා තියෙද්දි මේ රටේ පොලිසිය හැසිරුණේ හරිම ලැජ්ජ සහගත ලෙස. තම තනතුරේ ගරුත්වය වත් ආරක්ෂා කරගන්න බැරි වුන පොලිස්පති ඉන්න රටක්. තමන්ගේ දෙපාර්තමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරගන්න බැරි වුන පොලිස්පතිවරයෙක් . පොලිස්පතිතුමා ඉතාමත් පක්ෂග්‍රාහි ලෙස තමා මේ සිදු වීමේ දී කටයුතු කරලා තියන්නේ අපිට ලැබුණු තොරතුරු අනුව දැන ගන්න ලැබිලා තියෙන්නේ.

හරිනම් රන්වල මහත්තයා රෝහලේ නෙමේ ඉන්න ඕන හිරේ. රන්වල මහතා බීමත් ව රිය පැදවීම සිදු කර ඇද්ද යන්න නොබැලුවේ හිතා මතාමය. ඒ නිසා අපි කියන්න කැමති ජනාධිපතිතුමනි මේ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න. ඒ වගේම ශාන්ත පත්මකුමාර මහතාට ගංජා වවන්න හොදයි .එය පොලිස් කොස්තාපල් වරයෙක් ගිහිල්ලා ඇල්ලුවාම ඔහුට පහර දෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ඒ පොලිසියේ මහත්තයාට පහර දීලා මරන්න හදලා තියෙද්දි ඒ මහත්තයාගේ වැඩ තහනම් කරලා පොලිස්පතිතුමා. තමන්ගේ දෙපාර්තමේන්තුවේ නිළධාරින්ගේ ගරුත්වය ආරක්ෂා කර ගන්නේ නැතිව එතුමා කරලා තියෙන්නේ මේ පාපසි ආණ්ඩුවේ රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපතිවරයාව ආරක්ෂා කර ගැනීම. පොලිස්පතිතුමා කොහොමත් රතුපාට යට කලිසමක් අදින බව මුළු රටම දන්නවා. ඒ නිසා කොහොමත් අපි එය දැනගෙන දන්නෑ වගේ ඉන්නම්. නමුත් ඔබතුමා එය පෙන්නන්න එපා. මොකද සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම නීති පද්ධතිය බිද වැටුනොත් මේ රාජ්‍ය වැටෙනවා. ඒ නිසා අපි කියන්න කැමති මේ පාපිසි 159 දෙනාම අද දේව ශාසයකට ලක් වෙලා තියෙනවා. එදා දළදා හාමුදුරුවන්ව මැතිවරණය වෙනුවෙන් යොදා ගත්ත මේ මාලිමා ආණ්ඩුව දන්නේ නෑ අද මොනාද කරන්නේ කියලා. අපි ජනාධිපතිතුමන්ට කියන්න කැමති අනේ තව වෙසක් පෝයක් යනතුරුවත් මේ පිස්සු බල්ලෝ මෙන් කටයුතු කරන පිරිස බැදලා තියන්න. නැතිනම් ලොකු ව්‍යසනයකට මුහුණ දෙන්න වෙනවා.

ඒ වගේම අපි දැක්කා අගමාත්‍යතුමිය මේ දිට්වා ව්‍යසනය කළමනාකරණය කිරීම කරලා තවම වහපු පාසල් ටික වත් ඇරගන්න බැරිව ලතවෙ විදිහ. තාම පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇදුම් ටික දි ගන්න බැරි වුනා. පොත් ටික දී ගන්න බැරි වුනා. රු 10,000 දෙනවා කිව්වා එය නිසි පරිදි ක්‍රියාත්මක නෑ. හැබැයි අගමාත්‍යතුමිය යුහුසුළුව කටයුතු කරනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ලිංගික අධ්‍යාපනය පිළිබඳව . අපි දන්නවා ඔබතුමියගේ න්‍යාය පත්‍රයේ අංක 01 ලිංගික අධ්‍යාපනය. අපේ අනාගත පරම්පරාවට ඔය බටහිර සංස්කෘතිය දෙන්න කලින් බදුල්ල බණ්ඩාර වෙල පස්සර නාය ගිහින් ඇදි වත පමණක් ඉතුරු වුනු දරුවන්ට අවශ්‍ය ඇදුම් පොත් ටික දෙන්න. ජනාධිපතිතුමා පොරොන්දු වුන දීමනා ටික දෙන්න. පාසල් ටික ප්‍රතිසංස්කරණය කරන්න. ඒ ඔක්කොම තියෙද්දි එතුමිය උත්සහා කරන්නේ දේදුණු හීනය ඉදිරියට ගේන්න. නමුත් අපි විපක්ෂයේ ඉන්න ක්‍රියාකාරින් විදිහට ඔය දේදුණු හීනය පරාජය කරනවා . ඒ වගේම එතුමිය කියනවා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන අලුත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ගේනවලු .ඊට ප්‍රථම ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමියට අපි කියන්න කැමති මේ මාස 14  කරුමෙන් මේ රට බේරා ගන්න පලාත් සභා පනත ගෙනල්ලා පළාත් සභා  ඡන්දය තියන්න කියලා. 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka