gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහ බැංකු වංචාව ගැන රවීගෙන් ආන්දෝලනාත්මක හෙළිකිරීමක්!

මහ බැංකු බැදුම්කර වංචාව සිදුවූ සමයේ මහ බැංකුව පැවතියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.

එමෙන්ම රාජ්‍ය සහ වාණිජ බැංකු පැවතියේ එවක ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කළ කබීර් හෂීම් යටතේ බව (03) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.

මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කළේ,

“ශ්‍රී ලංකා මහ බැංකුව ඉතිහාසයේ සිටම පැවතියේ මුදල් අමාත්‍යංශය යටතේ. මා මුදල් අමාත්‍යංශයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ පවා, ඒ සමයේ මුදල් අමාත්‍යංශය පැවතියේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේයි.

අමාත්‍ය මණ්ඩල වාර්තා, ගැසට් නිවේදන ඇතුළු ඊට සම්බන්ධ චක්‍රලේඛ මගින් මේ බව සනාථ කරනවා. මහ බැංකු බැඳුම්කර අර්බුදය ඇති වූ අවස්තාවේදි එවකට රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ අමාත්‍ය කබීර් හෂීම්.

හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති අතර අවසාන වශයෙන් 2025 මැයි (02) වැනිදා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත සිදු කළා. එහිදී මේ සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීම තමා සතු වන බවද ඔහු ප්‍රකාශ කළා.

මේ පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එහි සභාපති ලෙස සුනිල් හඳුන්නෙත්ති කටයුතු කර තිබුණා. මා මේ ප්‍රකාශ කරන දේ සම්බන්ධයෙන් ඔහුත් සාක්ෂි දරාවි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ මා වරදකරු කියා කිසිම තැනක සඳහන් වන්නේ නැහැ.”
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka