gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජාංගනේ හාමුදුරුවන්ට, සුදාට අධිකරණයට අපහාස චෝදනා..- පිටිදුවේ හිමි නඩු යයි

යූටියුබ් ඔස්සේ විකාශය කළ වැඩසටහන් මගින් තමන්ට සෘජු අපහාසයක් සිදු කර ඇති බව පවසමින්, පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් රුපියල් මිලියන 500 බැගින් වූ වන්දි මුදල් ඉල්ලා පාර්ශව දෙකකට එන්තරවාසි යොමු කර ඇත. 

මෙම නෛතික නිවේදන නිකුත් කර ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි සහ පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් වෙතය.

දෙහිවල, බෙල්ලන්තර පාරේ වැඩවසන සිරි සමන්තභද්‍ර හිමියන්ගේ උපදෙස් මත නීතීඥ ටෙනීෂා විදානපතිරණ මෙනවිය විසින් පසුගිය දෙසැම්බර් 18 සහ 24 යන දිනවල මෙම ලිපි යොමු කර තිබේ. 

අදාළ එන්තරවාසිය ලැබී දින 14ක් ඇතුළත ඉල්ලා ඇති වන්දි මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම්, එකී මුදලට අදාළ නෛතික පොලිය සහ නඩු ගාස්තු ද සහිතව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එමගින් අවධාරණය කර ඇත.

චෝදනාවට පාදක වූ කරුණු ඉකුත් දෙසැම්බර් 07 වන දින හෝ ඊට ආසන්න දිනකදී මෙම දෙදෙනා එක්ව තම සේවාදායක හිමියන් ඉලක්ක කර ගනිමින් ද්වේෂසහගත ප්‍රකාශ සිදු කර ඇති බව නීතීඥවරිය පෙන්වා දෙයි. 

විශේෂයෙන්ම, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ තීන්දුවක් දැඩි ලෙස විවේචනය කිරීම හරහා, 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ නීතිය යටතේ ඔවුන් වරදක් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි සඳහන් වේ.

ගෞරවයට හානි කිරීම දශක කිහිපයක සිට ධර්ම කථිකයෙකු, ග්‍රන්ථ කතුවරයෙකු සහ සමාජ සේවකයෙකු ලෙස සිරි සමන්තභද්‍ර හිමියන් ගොඩනගාගෙන තිබූ කීර්තිනාමය විනාශ කිරීමේ චේතනාවෙන් මෙම අසත්‍ය ප්‍රකාශ සිදු කර ඇති බව නීතීඥවරිය වැඩිදුරටත් සඳහන් කරයි.
තවත් අයට මේ නිව්ස් එක බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka