gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බ්‍රිතාන්‍යය ප්‍රමිතිය නොමැතිවීම, වීදුරු හා කැට කැබලි තිබීමෙන් තහනම් කල එන්නත යලි භාවිතයට අනුමැතිය

නිසි පරිදි බ්‍රිතාන්‍යය ප්‍රමිතිය නොමැතිවීම සහ, අදාල ඖෂධ බෝතල් තුල වීදුරු කැබලි හා කැට කැබලි තිබීම මත පසුගිය වසරේ මැයි මස දහවෙනි දින ඖෂධ නියාමන අධිකාරිය මගින් NMRA/PA15/QF/08/2024 ලිපිය මගින් තාවකාලිකව භාවිතාවෙන් ඉවත් කළ Co Amoxyclave 1.2 mg නැමැති ඖෂධය නැවත වරක් භාවිතා කිරීම සඳහා වර්තමාන වෛද්‍ය සැපයුම් ඒකකය මගින් MSD/Q/P 2025/61 අංක දරන 17/11/2025 ලිපිය මගින් සියලු රෝහල් වෙත උපදෙස් ලබා දී ඇත.

නමුත් මෙම MC23016E අංක දරන කාන්ත අංකය හිමි මෙම ඖෂධය මෙම වසරේ සැප්තැම්බර් මස වන විට කල් ඉකුත් වී ඇති බව සඳහන්ය. 

මෙම ඖෂධයද නිෂ්පාදනය කොට ඇත්තේ මීට දින කීපයකට පෙර ප්‍රශ්න සහගත , අදාල ඖෂධය ලබාදීමෙන් පසු රෝගීන් මිය යාම් වාර්තා වූ , එන්නත් කුප්පි තුළ බැක්ටීරියා විස අඩංගු බවට සැක කරන ලද , බාල වමනය එන්නත වන Ondesterone Injection නිසා රෝගීන් මිය යාම සම්බන්ධයෙන් විමර්ශනයට ලක් වන Maan Pharmaceuticals නම් සමාගමෙන්ම නිෂ්පාදනය කොට ආනයනය කරන ලද ඖෂධයක් වීමයි.

මෙම Co Amoxyclave injection කුප්පි තුළ වීදුරු කැබලි, අපැහැදිලි කැට කැබලි, හා නියමිත බ්‍රිතාන්‍ය ප්‍රමිතිය නොමැති වූ බවට පළමු අවස්ථාවේදී ඖෂධ නියාමන අධිකාරිය මගින් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරන ලද ඖෂධයක් නැවත වරක් භාවිතා කිරීමට උපදෙස් ලබා දීම ප්‍රශ්න සහගත බවත් එසේ භාවිතා කිරීමට උපදෙස් ලබා දෙන විටත් එම ඖෂධය කල් ඉකුත් වීමේ දිනය ඉක්මවා ඇති බව වෛද්‍ය සැපයුම් මේක කියමගින් නිකුත් කළ චක්‍රලේඛකය මගින්ම තහවුරු වන බවින් මෙම සම්පූර්ණ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් පවත්වන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 

එකම ඉන්දියානු ඖෂධ සමාගමෙන් ගෙන්වන ඖෂධ මේ ආකාරයට දිගින් දිගටම තත්ත්වයෙන් බාල වීම සැක සහිත වන බැවින් මෙම ඖෂධ අනුමත කළ, තාක්ෂණික කමිටුවල සේවය කළ, ප්‍රසම්පාදන කමිටුවල කටයුතු කළ, හා මෙම යාන්ත්‍රණයට සම්බන්ධ අමාත්‍යාංශය හා ඖෂධ නියාමන අධිකාරියේද රාජ්‍ය ඖෂධ සංස්ථාවේද සියලු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසද ඉල්ලීමක් කරයි. 

එම ප්‍රශ්න සහගත ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහාද විමර්ශනයක් කැඳවීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka